
යුක්රේනයට සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් යුක්රේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.
ඊට අමතරව, සෙලෙන්ස්කී ඉල්ලා ඇත්තේ, යුක්රේනයට ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ද හිමිවිය යුතු බවය.
‘යුක්රේනයට සාමය උදා වෙන්නේ නම්, මා දැන්ම ජනාධිපති ධුරයෙන් සමුගන්නවා. හැබැයි යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවිය යුතුයි. එසේ සාමාජිකත්වය හිමිවෙනවා නම්, මා ධුරයෙන් ඉවත් වීමට සූදානම්’ යැයි සෙලෙන්ස්කී පැහැදිලි කර ඇත.
යුක්රේන රුසියන් යුද්ධයට මේ වනවිට වසර තුනක් ගතවී ඇත. යුද්ධය ආරම්භ වීමට හේතුව, යුක්රේනය, නේටෝ සාමාජිකත්වය ඉල්ලීමය. ‘නේටෝ’ යනු යුද සන්ධානයකි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය.
යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රිටාමාර්ගයක් අනුගමනය කළේ එහෙයිනි.
යුක්රේන රුසියන් යුද්ධය අවසන් කිරීමේ අරමුණ ඇතිව, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය කටයුතු කරමින් සිටී.
ඇමෙරිකන් නියෝජිතයන් සහ රුසියන් නියෝජිතයන් අතරේ හමුවක් ද පසුගිය දා සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්විණි. එම සාකච්ඡා සඳහා යුක්රේනයට ඇරැයුම් කිරීමක් සිදු වූයේ නැත.
මේ සම්බන්ධයෙන් යුක්රේන ජනපති සෙලෙන්ස්කී මැසිවිලි නගද්දී, ට්‍රම්ප්, යුක්රේන ජනාධිපතිට චෝදනා කළේ ඔහු ඒකාධිපතියකු කියාය. ඒ, රුසියන් යුක්රේන යුද්ධය අතරතුරේ සෙලෙන්ස්කීගේ ධුර කාලය අවසන් වුණු බැවින් සහ සෙලෙන්ස්කී ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකළ බැවිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සිය රටට අතිශයින්ම ආදරය කරන, වසර තුනක කාලයක් තිස්සේ මිනීමරු පුටින් ගේ හමුදාවට එරෙහිව අභීත සටනක් කල නායකයා බව පැහැදිලිවම පෙනෙනවා. බිංකුඩ්ඩෙක් මෙන් භූගත බංකරයක සැඟවී, නිරායුධ යුක්රේන ජනතාව සමූල ඝාතනය කරමින්, ඩොලර් කෝටි ප්‍රකෝටි වටිනා දෙපල, අති දරුණු අවි බලයෙන් විනාශ කරපු, කාලකන්නි පුටින් වගේ අවජාතක කෙනෙක් නොවන, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ගැන පුදුම පැහැදීමක් මුළු ලෝකයටම තෙරී හමාරයි!!! යුක්රේනය සතු අතිවිශාල ඛනිජ සම්පත්, පුටින් සමග එක්ව නතුකර ගැනීමෙ කුමන්ත්‍රණයක ඇමරිකානු ජනපති ට්‍රම්ප් නියත බව දැන් පැහැදිලිවම පෙනෙනවා. ට්‍රම්ප් 2020දී පරාජයට පත්වූ විට, ඔහුගේ ත්‍රස්ත හමුදාව කැපිටල් හිල් වලට ගෙන්වා කරපු විනාශ ඔබට මතකද? සිය රටට එරෙහිව අරගල කරපු ට්‍රම්ප්, පුටින් සමග එක්ව යුක්රේනයට පහර දීමේ හැකියාවක් තිබෙන්නට වුවද පුළුවනි... අපේ රටේ හිටපු ගොඨාභය පලවා හැරීමත්, සෙලෙන්ස්කිගේ ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වීමට යොජනා කිරීමත් අතර විශාල වෙනසක් ඇත...