
(වියලුව වාර්තාකරු )
අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයෙකු පස් කණ්ඩියක් කඩා වැටී ඊට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල දුල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31 ක් වයසැති අමිල ප්‍රනාන්දු නැමැති එක්දරු පියෙකි.මොහු ඊයේ (23) තවත් පිරිසක් සමග බණ්ඩාරවෙලම පුනාගල පාර ගල්වල හන්දිය ප්‍රදේශයේ බැම්මක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අත්තිවාරම් කපමින් සිටියදී ඉහලින් වූ පස් කණ්ඩියක් කඩා වැටී ඊට යට වී ඇත.
අතර කඩා වැටුණු පස් ඉවත් කර මොහු රෝහලට රැගෙන ගියද මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි බණ්ඩාරවල පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd