
(යොහාන් භාසුර)
වෛද්‍ය සේවාවට මෙතෙක් ලැබුණු ප්‍රතිලාභ සහ වරප්‍රසාද අත්තනෝමතික ලෙස කප්පාදු කිරීමෙන් ඇතිව තිබෙන ගැටලුව විසඳීමට පාලකයන් කඩිනමින් පියවර ගැනීමට අපොහොසත් වන්නේ නම් අවසානයේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට වුවද යොමුවීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අයවැය (2025) හරහා වැටුප් වැඩිවීමක් වුවද, වෛද්‍ය සේවාවටම ආවේණික සහ සුවිශේෂි වූ අමතර රාජකාරි දීමනාව ගෙවීමේ අගය අත්තනෝමතික ලෙස අඩු කිරීමේ තීරණයෙන් වෛද්‍යවරු තුළ බරපතල නොසන්සුන්තාවයක් නිර්මාණය වී ඇති බවත් මෙතෙක් ලැබූ සහ ලැබිය යුතු දීමනාවන් මෙලෙස අඩු කිරීම තුළ අයවැය ඔස්සේ යෝජිත වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන්ගේ වැටුපෙන් සැලකිය යුතු මුල්‍යමය අහිමිවීමක් වන බවත් එම සංගමය පවසයි.
අමතර රාජකාරි ක්‍රමය සහ අමතර රාජකාරි දීමනාව වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී සහ ආවේණික වූක් බව කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවේ පැයකට ගෙවනු ලබන අගය අදාල ශ්‍රේණියේ මූලික වැටුපේ මධ්‍ය අගයෙන් 1/80 ක්ව පැවතිය ද එය මෙවර අයවැය හරහා එක්වරම මූලික වැටුපෙන් 1/120 දක්වා සියයට 50 කින් පමණ අඩු කර ඇති බව ද සඳහන් කරයි.
වෛද්‍යවරුන්ගේ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20 අනුපාතයක පැවතිය ද එය අයවැයෙන් 1/30 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් මාසයක් පුරා වෛද්‍යවරුන් ඉරිදා සහ නිවාඩු දින කොතරම් ප්‍රමාණයක් සේවාවන් ඉටු කළ ද, ගෙවීම් සිදු කරනුයේ මසකට දින තුනක් සඳහා පමණක් බවත් එම සංගමය කියයි.
අයවැය යෝජනාවක් ලෙස වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාවේ පැයකට ගෙවන අගය අසාධාරණ සහ අත්තනෝමතික ලෙස සියයට 50 කින් පහත හෙලීම තුළ මෙරට වෛද්‍යවරුන් අවම පහසුකම් මධ්‍යයේ රට පුරා අඛණ්ඩව සපයන රෝගී සත්කාර සේවාවන් අවතක්සේරු කිරීමක් බවත් සේවාවේ සුවිශේෂී බව නොසලකා හරිමින්, කිසිඳු පාර්ශවයක් සමඟ එකඟතාවයකින් තොරව මෙම දීමනාව අසාධාරණ සහ අත්තනෝමතික ලෙස සංශෝධනය කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය අමා්‍යවරයාගෙන් සාකච්ඡා ඉල්ලා ඇති බවත් එම අවස්ථා හැකිඉක්මණින් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුන්ට විතරක් නෙමෙයි සමස්ත රජයේ සේවයටම නිවාඩු දින දීමනාව 1/20 සිට 1/30 දක්වා අඩු කරලා තියෙනවා. ඒක හරිම අසාධාරණයි. මේ ලෝකෙ කවුරුවත් මාසෙකට දින 30ක් වැඩ කරන්නේ නැහැ. මේකෙන් සිද්ධ වෙන්නේ මිනිස්සු හදිසියකටවත් නිඩාඩු දිනයක වැඩට එන්න මැලි වෙන එක.
ආපහු වැඩ පටන් අරගෙන වගේ
දොස්තරලා පාතාල වැඩේ පටන් අරන් වගේ...! කාලකණ්ණි, ලෙඩ්ඩු උගසට තියාගෙන සැප ගන්නවා.
මට දැනෙන විදියට සෞඛ්‍ය සේවයම පෞද්ගලික කරණය කළ යුතුයි. රජයට ඉතුරුවන සල්ලි වලින් පුද්ගලික අංශයේ වැඩ කරන අයට insuarance එකකට ප්ලෑන් කළා නම් රටක් විදියට ගොඩක් හොඳ තීරණයක්...
ලක්ෂ හතරක් පහක් පඩිකද්දී ආණ්ඩු බයකරලා තවත් වටයකින් අහිංසක මිනිස්සුන්ගේ ලේ උරාබොන ලේ මාපිල්ලුන්ට සාප වේවා...!
ලෙඩ්ඩු මළත් තමුන්ගේ ගතමනාව වැඩි කරගන්න හදනවා. පුද්ගලික රෝහල් වලට යන අය ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ...
මේ කැස කවන්නේ මහජනතාවගේ මානව අයිතිවාසිකම් බල්ලට දාන්න. ජනතාව පෙරට ආ යුතුයි...
වෛද්‍යවරුන්ට මාසෙකට ඇමරිකාවේ වගේ ඩොලර් 8000-10000ක් දුන්නත් වැඩ වර්ජන කරන එක නවතින්නේ නෑ.
ලෙඩ්ඩුන්ට බාල බෙහෙත් එපා කියලා විරෝධතා, වැඩ වර්ජන නම් දැක්කේ නෑ මේ අයගෙන්...
සතියට දවස් 3ක් වැඩ කරලා මාසයක් පඩි ගන්න පින් පප්පලාට එකත් මදිද? රජයේ හොස්පිටල් එකේ තමන්ගේ බාරේ ඉන්න අම්මයි පැටියයි පණ අදිද්දී private hospital එකේ delivery වලට යන අයගේ නම් ලිස්ට් එකත් දාන්නද? මුන්ටනේ අවුරුදු 20ක් විතර අහිංසක මිනිස්සු බදු ගෙවගෙවා උගන්නන්නේ...
මේක මහා මාෆියා සංගමයක් , පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විවෘත කරන්න දෙන්නේ නැහැ තර්ජන , වර්ජන කරනවා , නොමිලේ ඉගෙන ගන්නවා මදිවට , රජයේ ඉස්පිරිතාලවල හරියට ලෙඩ්ඩු බලන්නේ නැහැ , මුන්ගේ රජයේ රෝහලේ වාට්ටුවකට ඇතුල් වෙන්නත් පුද්ගලික චනෙල් කඩෙකට මුදල් ගෙවල එපොයිමන්ට් එකක දමල චීට් එක අරගන්න ඕනේ .
රටේ වෘත්තින් තියෙන්නෙ 2 යි. ) වෛද්‍ය වෘත්තිය. 2) ගුරු වෘත්තිය. මමි දෙගොල්ලන්ට විතරයි ප්‍රශ්න තියෙන්‌නේ.. වෙනත් වෘත්තිකයින්ට, මහ ජනතාවට ප්‍රශ්න නෑ. රජයත් කරන්නේ පාරට බහින්න පුළුවන් සහ වැඩවර්ජන කරන පිරිස්‌වලට විතරක් වරප්‍රසාද දෙනවා. හැබැයි ඔය වැඩ වරිජන කර කර ඉන්න අයට වෙන රටවල් වල රැකියාවලට යන්න අමාරුයි. ඒ නිසා මහ ඉඳන් මස් රාත්තලම බබදා ගන්න දඟලනවා. අනිත් වෘත්තිකයෝ ලංකාව අත් හැර යනවා. වෙන රටවල් ඔවුන්ගෙන් ප්‍රයෝජන අරන් පොහොසත් වෙනවා. අපේ අයියලා චීන රටවල් වලින් හිඟා කාලා මස් රාත්තලම ඉල්ලන අයට බෙදලා දෙනවා. මේ කපේදී මේ රටවල් ගොඩ එනවා බොරු...