
(ගයාන් සූරියආරච්චි)
පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.
පත්කිරීම, විනයානුකූලව කටයුතු කිරීම සහ ස්ථාන මාරු කිරීම පොලිස්පතිවරයාට සිදුකළ නොහැකි නම් එම පොලිස්පතිවරයා නාමික පොලිස්පතිවරයකු වන බවත් එහිදී පොලිස්පතිවරයාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වන බවත් ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.
ස්ථානාධිපතිවරුන් පත්කිරීම යන්න පිළිබදව අප වැරදි මතයක සිටි බවත් එය නීතිපතිවරයාට ඉදිරිපත් කර ලබාගත් අර්ථනිරූපණයේ දැක්වෙන්නේ ස්ථානාධිපතිවරුන් පත්කිරීමක් නොව ස්ථානාධිපතිවරු ස්ථාන මාරු කිරීමක් බවත් වැඩබලන පොලිස්පතිවරයා කීය.
ස්ථානාධිපතිවරුන් ඉවත් කිරීමට දිගින් දිගටම ඉල්ලා සිටි අතර ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම පොලිස්පතිවරයාට පැවැරිය යුතුය යන්න දැඩි ස්ථාවරයේ සිටි බව කී ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ පොලිසියේ විනය පිරිහීමට එය එක් හේතුවක් ලෙස දැක්විය හැකි බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පතිවරයා අපක්ෂපාති පුද්ගලයෙකු වුණොත්, ඔය කියන බලතල තිබුණත් කිසිම ගැටළුවක් නැහැ. හැබැයි, පොලිස්පති මොනයම් දේශපාලන පක්ෂයක ගැත්තෙක් වුණොත්, ඔය කියන බලතල ලැබුනා කියන්නේ පොලිසියේ ස්වාධීනභාවයට ලොකු ප්‍රශ්නයක්."
මරු වැඩේ
NPC ආණ්ඩුව නීත්‍යානුකූල රාජකාරි ඉටු කරන අතර පොලිස්පතිවරයා එය අගය කළ යුතුය. පොලිස්පතිවරයාගේ මෙහෙයුම් අණට, පාලනයට සහ පොලිස් නිලධාරීන්ට අධීක්‍ෂණයට NPC මැදිහත් නොවන්නේ නම්, පොලිසිය ප්‍රතිරූපය හා කීර්තිය පවත්වාගෙන යන ඵලදායි සංවිධානයක් බවට පත් කිරීම සඳහා ඔහුගේ රාජකාරිය සහ කාර්යයන් ඉටු කිරීමට ඔහුට ඕනෑ තරම් නිදහස තිබේ.
සියලු ස්වාධීන කොමිසන් සභා කෙතරම් ස්වාධීන දැයි විමසා බැලිය යුතුයි
සහතික ඇත්ත..