ත්‍රිරෝද රියදුරා හිටිහැටියේම මිය ගිහින් බේරුවල පොලිස් ස්ථානය ඉදිරිපිට මහමග ගමන් ගන්නා ජනතාවට ගිමන් නිවා ගැනීමට සකසා ඇති ස්ථානයට ත්‍රිරෝද රථයක් පදවා පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයේදීම හිටි හැටියේ මියගොස් ඇතැයි පොලීසිය කියයි. 02 July 2024
මහනුවර අධිකරණයේ සියලු නඩු 16 වැනිදාට කල් තබයි මහනුවර අධිකරණ සංකීර්ණය තුළ ඇතිවූ බෝම්බ බිය නිසා අද (02) දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල්තබා තිබේ . 02 July 2024
ඉන්දියාවෙන් යාපනයට වතුර ඉන්දියා රජය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජලය රැස් කිරීමේ ටැංකි 934 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 July 2024
ශ්‍රීලනිප මහලේකම් ධූරය දයාසිරිට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට අතුරු තහනම් නියෝගයක් කොළඹ දිසා අධිකරණය අද (02)නිකුත් කළේය. 02 July 2024
ජංගම දුරකතන සොරකම් සිද්ධියකට පිහියකින් ඇනලා ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියකට දණගස්වා පහර දුන්නැයි උරණ වී එම පුද්ගලයා ට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි මාළිගාවත්ත පොලිසිය කියයි. 02 July 2024
’’මඩ ගසා මාලිමාව වට්ටන්න බෑ’’ ගල් මුල් හෝ මඩ ගසාමාලිමාව වැට්ට විය නොහැකි බව සතුරන්ට අවධාරණය කරන්නේය යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය 02 July 2024
ඉන්දියානුවන් 12ක් මහනුවරිනුත් අල්ලයි මහනුවර දොඩම්වල හල්ලොලුව පාලම අසල හුදකලාව පිහිටි සුපිරි නිවාසයක් තුළ තරුණ ඉන්දියානු ජාතිකයන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය බවට සැකකරන පරිගණක අපරාධ මධ්‍යස්ථානයක් වටලා එම ඉන්දියානු ජාතිකයන් සහ පරිගණක ලැප්ටොප් ඇතුළු විශාල භාණ්ඩ තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 02 July 2024
සම්බන්දන්ගේ පුටුව හිස් වුණු බව මැති සබයට දන්වයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා අභාප්‍රාප්ත වීමෙන් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 02 July 2024
හෙන්රි පේද්‍රිස් පිටිය ඉසිපතනයට දෙයි කොළඹ ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 02 July 2024
විවාහ වෙන්න බෑ කී වැයි අමානුෂික දඬුවමක් විවාහ වීමට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු ලිංගේන්ද්‍රිය කපා ඔහුට පහරදුන් වෛද්‍යවරියක් බිහාර් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 02 July 2024
උඩු ගුවනේ තවත් අනතුරක් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර සිට උරුගුවේහි මොන්ටෙවීඩියෝ නගරය බලා පියාසර කළ එයාර් යුරෝපා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දැඩි වායු රික්තකයට හසුවීම හේතුවෙන් ආරක්ෂක පටි පැළඳ නොසිටි මගියෙකු උඩ විසිවී හිසට ඉහළින් ඇති බඩු මලු දමන මැදිරියේ සිරවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 02 July 2024
ලිට්රෝ මිල පහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල රුපියල් 100 කින් අඩු කළ බව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (2) පෙරවරුවේ පැවසීය. 02 July 2024
බෝම්බ බියකින් මහනුවර අධිකරණ නොසන්සුන් මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලද තොරතුරකට අනුව අධිකරණ සංකීර්ණය තුළ සියලු නඩු කටයුතු නවතා එහි සිටි ජනතාව ඉවත්කොට පුළුල් පරීක්ෂාවක් සිදු කරන බව පොලිසිය කියයි . 02 July 2024
ට්‍රම්ප්ට නඩු පවරන්න බැහැ ඇමෙරිකානු ජනාධිපතිවරයකු ධුරය දැරූ සමයේදී ගත් රාජාකාරී තීරණ අභියෝගයට ලක් කරමින් ඔහුට කිසිම විටකත් නඩු පැවැරිය නොහැකි බවත් එය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද අදාළ වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 02 July 2024
අඟහරු පසේ වගා කරන්න පුළුවන් ශාකයක් අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැඩිය හැකි ශාකයක් පෘථිවියේ ඇතැයි විද්‍යාඥයෝ පවසති. 02 July 2024
ෂැංග්හයි සහයෝගීතා සමුළුව ඇරැඹේ ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව කසක්ස්තානයේ අස්තානා අගනුවරදී ආරම්භ විය. ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව මෙවර පැවැත්වෙන්නේ 24 වැනි වරටය. 02 July 2024
ලංකාවේ විදෙස් ණය ඩොලර් බිලියන 37යි ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 02 July 2024
දොස්තර නිලමුද්‍රා සොරකම් කර අධි මාත්‍රා බෙහෙත් ගත් තිදෙනෙක් අල්ලයි නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විකලංග කායික විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සහ එම වෛද්‍යවරුන් සේවය කරන වාට්ටුවේ නිල මුද්‍රාව යොදා නුවරඑලිය නගරයේ ඔසුසැල් වලින් අධි මාත්‍රා ඖෂධ ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු සහ එම රෝහලේ හෙද සහයකයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය කියයි. 02 July 2024
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (2) දැනුම් දුන්නේය. 02 July 2024
ඖෂධ මිල නියම කර ගැසට්ටුවක් ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාලව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 02 July 2024
සැකකරු පැහැරගන්න ආ හතරක් අත්අඩංගුවට බීමත්ව කලහකාරී ලෙස හෝමාගම නගරයේ හැසිරුණු පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු පැහැරගෙන යාමට පැමිණි ව්‍යාපාරිකයෙකු ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 02 July 2024
අනියම් සැමියා මැරූ අනියම් බිරිය මාට්ටු අනියම් පුරුෂයා ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට අනියම් බිරිය අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලීසිය පවසයි. 02 July 2024
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර ,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 July 2024
අනියම් බිරිය මරා සැඟවෙන්න බැරි වේ බියගම ප්‍රදේශයේ දී අනියම් බිරිය මාරා කොස්ගොඩ කයිකාවලට පැමිණ සිටියදී අනියම් සැමියා බව කියන පුද්ගලයා අද (2) අලුයම කාලයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. 02 July 2024
කැන්ඩි පිල කඩුලු 6 කින් ජයගනී ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය (2024) ආරම්භ කරමින් පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (1) රාත්‍රී පැවැති තරගයේදී කැන්ඩි ෆෝල්කන්ස් ක්‍රීඩකයෝ කඩුලු 6 කින් දඹුල්ල සික්සර්ස් පිල පරාජය කිරීමට සමත් වූහ. 02 July 2024
ආත්මා දිලුක්ෂිට නඩු පවරන්නැයි නිර්දේශයක් ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර ඇත. 02 July 2024
නීතිඥයත් හොර වැඩක් කරලා බලපත්‍රයක් රහිතව නීති විරෝධී ලෙස යුරෝපයයේ රැකියා සදහා යැවීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයකු කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ විශේෂ වැටලීම් අංශය පැවසීය. 01 July 2024
හොරෙන් වැට පැන්න ධීවරයෝ 25ක් අත්අඩංගුවට ශ්‍රීලංකා නාවික හමුදාව විසින් යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන්වූ මෙරට මුහුදු සීමාව තුල සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් මගින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 04ක් සමගින් ඉන්දියානු ධිවරයින් 25 දෙනකු අත්අඩංගුවට ගත බව නාවික හමුදාව සදහන් කරයි. 01 July 2024
බන්ධනාගාරයෙන් පැන කිලෝ මීටර් 65 මාංචු පිටින් ඇවිත් බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පැන ගිය රැදවියන් දෙදෙනා යතුරුපැදියක් සොරාගෙන අත්මාංචුපිටින්ම කිලෝමීටර් 65 ක් දුරක් පදවාගෙන පැමිණ මොරගහහේන ඔලබොඩුව නිවසකට පැමිණ වෙස්වලාගෙන සැඟව සිටි අනෙක් රැඳවියා සමග අද අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 01 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025