
(අංජුල මහික වීරරත්න,ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී අද පැවසීය.
පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වී තිබෙන බව කී ජනාධිපතිවරයා මහජනතාවගේ පොදු ආරක්ෂාවට එය තර්ජනයක් වී නැති බව සඳහන් කළේය.
මෙම පාතාල කණ්ඩායම් දිගු කාලයක් තිස්සේ වර්ධනය වී ඇති බව ද එය දැන් විනාශකාරී ජාලයක් බවට පත්ව ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
මෙම විනාශකාරී ජාලය සහමුලින්ම මැඩ පවත්වන්නට දැඩි උත්සාහයක් ගන්නා බවත් ජාතික ජන බලවේග ආණ්ඩුවට එම කාර්යය කළ හැකි බවට ලොකු විශ්වාසයක් තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.
රටේ පාතාලය වර්ධනය වූයේ දේශපාලන රැකවරණය යටතේ බව කී ජනාධිපතිවරයා වර්තමානයේ දී ඔවුන්ට එවැනි රැකවරණයක් ලැබෙන්නේ නැති බව කීය.
මහනුවර දී මල්වතු මහා නා හිමියන් බැහැ දදැකීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.
(ෂේන් සෙනෙවිරත්න- ජේ.ඒ.එල් ජයසිංහ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරකට අත්සන් කරන්න.. කෝටි 100ට වැඩිය පොලු තිබ්බ අයටත් ඒත් ඒක්කම අත්සන් කරනන.. අනුකම්පා එපා..
"මහ ජනතාවගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් වී නැහැ" එතකොට අර ඊයේ පෙරේදා මැරුණු කිරිසප්පයෝ දෙන්නත් පාතාලේද?
හැබෑට?
දුර්වල මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වුණාට මේක තමයි ඇත්ත. පාතාලය හැදුවේ දේශපාලකයින්...
මෝඩ අප්පුවා තාමත් පරණ ආණ්ඩුවලට බැන බැන ඉන්නවා. ඔය තියන වෙඩිල්ලක් විදේශීය සංචාරකයින්ට වැදුනොත් ජාතික ආරක්ෂාව රෙද්ද පල්ලෙන් බේරෙයි.
ප්‍රාදේශීය දේශපාලකයින්, විදේශිකයින් අමු අමුවේ ඝාතනය කරලා ඔවුන්ගේ පෙම්වතියන් සමුහ දූෂණය කරපු අමරණීය ඉතිහාසයක් ඇති රටක්...
අප්පුවට කඩේ යන බයියෝ මාර විදිහට හෝදනවා.
බොරු කියලා දැන් බොරු වපුරවනවා.
පාතාලේ කියන්නේ JVP ... වෙන දෙයක් නොවේ.
ජනතාව කිසි විටකත් කියලා නැහැ ආරාක්ශාව මදි කියලා ඒ නිසා ඒ ගැන බය දෙන්න එපා... නාකි නඩේ තමයි කෑගහන්නේ... මොකද එයාලා තමයි ගින්දරත් එක්ක සේල්ලම් කෙරුවා. අහක යන නයි සරම අස්සේ දාගෙන වැඩ ගත්තා. පගා ගත්තා. දැන් ආරක්ෂාව නැතිවෙනකොට සිකුරිටි කෑගහනවා. ජනතාවට පාරේ යන්න බැහැලු ජනතාව පිටින් දාලා නැලවෙන්න යන්නේ.. දැන් ඒවා බැහැ කියන්න අනුර ජනාධිපති පාතාලය ඇසුරු කෙරුවේ නැහැනේ.. ඒ නිසා බයක් නැහැ විපක්ශ නායකයත් බයයි කියනවා... රනිලුත් බයයි කියනවා. නාකි මයිනාට පුදුම බයක් තියෙන්නේ ඒකනම් ඉතින් මැරෙන්න ලන්වෙනකොට කළ පව් එයාට මතක් කරනවා. එතකොට බයවෙන්නේ මේ කට්ටිය තමයි... පාතාලය ඇති කෙරුවේ අවි ගත්තෝ අවියෙන්ම නසී මේ කට්ටිය මග මැරුණත් ආන්ඩුවට කරන්න දෙයක් නැහැ. මොවුන්ව මරන්නේ ඉලන්දාර් කොල්ලෙක් පාතාලයට... වැඩක් නැහැ. නාමල් බේබී නම් මෝඩ නිසා මෝඩ වැඩ හරියට කෙරුවා එයත් බයයිලු...
පරණ අය මාධ්‍යයත් එක්ක දළදා මාලිගාවට ගියපු එකට අවලාද කියපු කෙනා නේද මේ... ?
ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නිවැරදි බව පෙනේ. අධික ප්‍රචාරයක් අවශ්‍ය නැත, නමුත් විශාලතම ගැටළුව වන්නේ මෙම පාලනය කණගාටුදායක ලෙස අසාර්ථක වීමයි. කෙසේ වෙතත්, පෙර පාලන සමයේදී පවා පාතාල ක්‍රියාකාරකම් පැවතුනි.
බද්රනි, සෙනවිරත්න, රට වලට වගේ ජෙප්පි වහල්ලු ඕන ජාරාවක් හෝදනවා . ඒක හින්දා ඕන තැනකට පැහැරුවට කමක් නෑ!