
( මහින්ද නිශ්ශංක )
තාවකාලිකව නතර කර තිබූ ඉන්දු -ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව මාස හතරකට පමණ පසු යළි ඊයේ (22) සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
ඉන්දියාවෙ නාගපට්නම් වරාය හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරාය අතර මෙම මගී යාත්‍රා සේවාව ක්‍රියාත්මක කෙරේ.
ඊයේ යලි මගී යාත්‍රා සේවාව ආරම්භ කෙරෙමින් ඉන්දියාවේ සිට මගින් 83 දෙනෙකු පැමිණි බවත් මෙරටින් මගීන් 89 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගිය බවද අධිකාරිය සදහන් කරයි.
මෙම මගී යාත්‍රා සේවාව අගහරුවාදා හැර සෙසු දිනවල ක්‍රියාත්මක කෙරෙන බවත් සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකට් එකක මිල කොපමණද? ටිකට් වෙන් කරවාගන්න වෙබ් අඩවියක් හෝ වෙනයම් ක්‍රමයක් තිබෙනවාද? පැමිණෙන සහ පිටත්වෙන වෙලාව කුමක්ද?
අන්තර්ජාලයේ තොරතුරු අනුව නම් ඉන්දියාවෙන් පිටත්වීම උදේ 7ට ලංකාවට ළඟා වීම උදේ 11.30ට. ලංකාවෙන් පිටත් වීම දවල් 13.30ට ඉන්දියාවට ළඟාවීම පැමිණීම හවස 17.00ට. ගිය අවුරුද්දේ පෝස්ට් එකකට අනුව රවුන්ඩ් ට්‍රිප් එක 35,000යි. එක අතකට විතරක් නම් 15,000යි. කිලෝ 50ක බැගේජ් ගෙනියන්න පුළුවන්. වීසා එහෙම ඔක්කෝම රෙඩි වෙලා තියෙන්න ඕනෑ නඟින්න නම්. නැත්තන් නඟින්න දෙන්නේ නෑ. යුටියුබ් එකේ විඩියෝ තියෙනවා ගමන ගැන.