
( ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් රුපියල් 650ක් වටිනා භාණ්ඩ සොරකම් කළ බව කියන පේරාදෙණිය පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (23) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා එම සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ කීපයක් මිලදී ගන්නා අතරතුර තේ පැකට්ටුවක් සහ කුඩා ෂැම්පු බෝතලයක් හොර රහසේම තම සාක්කුවට දාගන්නා ආකාරය එම සුපිරි වෙළඳසැලේ ආවේක්ෂණ කැමරා පද්ධතියේ සටහන් වීමෙන් අනතුරුව වෙළඳසැලේ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කොට එම භාණ්ඩ ද සමඟ පොලිසියට බාරදී තිබේ.
එසේ පොලිස් අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයා විශ්‍රාම ගැනීමට තවත් වසර දෙකක කාලයක් තිබූ අයෙකු බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා හොරාමයි. පෙන්ෂන් යනකම් කරලා තියෙන්නේ හොරා කන එක තමයි..
අපරාදේ විශ්‍රාම වැටුප
විශ්‍රාම යන්ඩ තව වසර දෙකයි.. එහෙනම් හොඳ කම්බ හොරෙක්.. පවුලේ අය අවමානයයි ලැජ්ජාවයි කොහොම පිරිමහ ගනීවිද මන්දා....
මෙච්චරකල් මොනවා කරන්න ඇතිද? පුරුද්ද තමයි ඉතින්.
පාතාලයයි හොරුයි පොලිසියයි අල්ලලා.. පොලිස කොමිසමට යටවෙලා