
( ප්‍රසාද් රුක්මල් )
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පොලුවලින් යකඩ පොල්ලකින් පහරදීමෙන් තුවාල ලැබු සිසුන් තිදෙනකු අද (23) බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අවසන් වසරේ (4 වසරේ ) අධ්‍යාපනය.ලබන කන්තලේ අග්බෝපුර, කඩුවෙල පාර අතුරුගිරිය ,බැද්දේගම ගොතටුවවත්ත යන ප්‍රදේශවල පදිංචි 25 වියේ පසුවෙන සිසුන් තිදෙනකු මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කීය .
බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 9හි ප්‍රතිකාර ලබන මොවුන්ගේ මුහුණට තුවාල සිදු ව ඇති බවත් රෝහල් ප්‍රකාශයකු පැවසීය .
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර ඊයේ (22) රාත්‍රි විශ්වවිද්‍යාලය තුලදී ආරවුලක් හටගෙන ඇති බවත් තාක්ෂණ පීඨයේ අවසන් වසරේ මෙම සිසුන් තිදෙනා එම ස්ථානය ට ගිය අතරතුරේ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව මෙසේ පොලුවලින් යකඩ පොලුවලින් පහරදී ඇති බවද පොලිසිය සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මය නැති බැවින් විශ්ව විද්‍යාල තුළ මනෝවිද්‍යාව ඉගැන්වීම අනිවාර්ය බවක් දැනේ. වර්ථමාන තරුණ පරපුරේ වැඩි ප්‍රතිශතයක් උපරිමයෙන් පිරිහී ඇත. වර්ථමාන කලාව, මාධ්‍ය, තාක්ෂණය සහ හුදෙක් විෂයටම සීමා වූ අධ්‍යාපන ක්‍රමයත්, ධර්මයෙන් ඈත් වීමත් මීට බලපා ඇතැයි සිතමි. අනාගතයේ රට භාරගන්න ඉන්න පරපුර මෙසේ පිරිහුණහොත් සමස්ත සමාජයටම එය සෘණාත්මකව බලපානු ඇත...
විශ්ව විද්‍යාල වුවත් දැන් ලංකාවේ විශ්ව නැත්තේ අධ්‍යාපන ආයතන තමයි... විද්‍යාලයෙන් පිට වෙන තෙක්ම පාසල් ශිෂ්‍යයන්ට වඩා විනය නීති රිතී පැනවිය යුතුයි...