ගජමුතු සමග සෙබලෙක් අත්අඩංගුවට තංගල්ල කොට්ඨාස අපරාධ විමරශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ගජමුතු තුනක් සමග යුධ හමුදා සෙබලෙක් තංගල්ල නගරයේදි අද (01) සවස අත්අංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 01 July 2024
රෝහලේ සිටි අයකු පැහැර ගත්තැයි කතකට ඇප කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගියේ යැයි කියන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (1) නියෝග කළේය. 01 July 2024
නවක වෛද්‍යවරුන් 475 ක් සීමාවාසික පුහුණුවට නවක වෛද්‍යවරුන් 475 දෙනෙකු සදහා සීමාවාසික පුහුණුව ආරම්භ කිරීමේ පත්වීම් ලිපි ප්රදානය කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී අද(1) සිදු කෙරිනි. 01 July 2024
ලක් දියණිය ලොවක් දිනයි එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් පිරිනමනු ලැබු ’’ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු - 2024’’ සම්මානය පරිපාලක වෘත්තිකයන්ගේ විද්‍යායතනයේ සභාපතිවරයා මෙන්ම ස.ණ.ස.සංවර්ධන බැංකුවේ විධායක ලේකම්වරයා වන ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය දිනාගත්තාය. 01 July 2024
කමාන්ඩෝ සෙබළාගේ දේපළ පොලිස් බාරයට පොත්තපිටිය මැණික්දිවල තිරුවානාකන්ද ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කමාන්ඩෝ සෙබළකු නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදලින් මිලදී ගත් බව කියන ලක්ෂ 30 ක් පමණ වටිනා දේපොළ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 01 July 2024
“ත්‍රීරෝද ගාස්තුව අඩු කරන්න බෑ“ පෙට්‍රල් මිල අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බවත් මාසකට වරක් ඉන්දන මිල සංශෝධනය කරද්දී ගාස්තු අඩු කළ නොහැකි බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය. 01 July 2024
හිරුණිකාගෙන් අභියාචනයක් තරුණයකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවන්ට වරදකාරිය වී බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් තමන්ට පනවා ඇති දණ්ඩන ඉවත දමා සියළු චෝදනවලින් තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹ මහාධිකරණයට අභියාචනයක් අද ඉදිරිපත් කළාය. 01 July 2024
මහනුවර පොත් ප්‍රදර්ශනය ඇරැඹේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 17 වැනි වරටත් සංවිධානය කළ ‘‘පැණසර ලොවකට පියාපත්‘‘ මහනුවර පොත් ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී අද (1) අති උත්කර්ශවත් අයුරින් ආරම්භ විණි. 01 July 2024
බණ්ඩි ටොන් 55000ක් බෙදයි ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55000ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 01 July 2024
මහින්ද - ගෝඨා මගේ කවුරුත් නොවේ මහින්ද රාජපක්ෂ සිය තාත්තා හෝ ගෝඨාභය රාජපක්ෂ බාප්පා හෝ නොවන බවත් වාහන අළෙවිසැලකින් මිලදීගත් වාහනය ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දෙට පාවිච්චි කිරීම පිළිබඳව තමන්ට වගකීමක් නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය අද (1) පැවසුවාය. 01 July 2024
පෙරහරට යන්න පෙර වාසනා ආශිර්වාද ගනී චාරිත්‍රාණුකූලව පැවති බැහුම් ලිහීමේ මංගල්‍ය අනතුරුව කතරගම දේවාලයේ දෙවියන් ඇතුළු දේවාභරණ වඩම්මන වාසනා හස්ථි සම්ප්‍රදායාණුකූලව කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව වාසනා හස්ථියා කිරිවෙහෙර සෑ රදුන් වැද ආශිර්වාද ලබා ගත්තේය. 01 July 2024
මෝදි සම්බන්දන්ගේ අභාවයට කණගාටුව පළකරයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන්ට සහ හිත මිතුරන්ට බලවත් ශෝකය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 01 July 2024
කොන්ත්‍රාත් කරුවන්ට බිලියන 200ක් ගෙවා අවසන් කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 01 July 2024
බස් ගාස්තු අඩු කරයි බස් ගාස්තු අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 01 July 2024
විවෘත විශ්ව විද්‍යාලයට නව උපකුලපතිවරයෙක් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න මහතා පත් කරනු ලැබ ඇත. 01 July 2024
ජනපතිගෙන් හෙට මැතිසබයට ප්‍රකාශයක් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහාවූ යෝජනා සම්මතය හෙට (2) අනිද්දා (3) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 01 July 2024
අධිවේගයට ගුවන් යානයක් වැටිලා ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට කුඩා සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. 01 July 2024
‘රට නොව ජනාධිපතිවරයා වැල්පාලමෙන් ගොඩවුණා‘ ජනාධිපතිවරයා ලංකා මාතාව වැල්පාලමින් එගොඩ කළා යැයි පැවසීම මිථ්‍යාවක් බවත් එම වැල්පාලමෙන් ගොඩ වූයේ ජනාධිපතිවරයා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 01 July 2024
කොටස් වෙළෙඳපොළ පාසල් පොතට කොටස් වෙළඳපොළ ආයෝජයනය 6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය 01 July 2024
පියුම් හංසමාලි ප්‍රකාශය දෙන්න එයි සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලි මහත්මිය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය පෙනී සිටියාය. 01 July 2024
රිය අනතුරින් හතක් රෝහලේ බණ්ඩාරගම කලුතර මාර්ගයේ ගල්තුඩේ මාරගස් හන්දිය ප්‍රදේශයේ දී පිරිසක් ගමන් ගත් වෑන් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කුඩා දරුවන් දෙදෙනෙක් ඇතුලු පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි . 01 July 2024
නුවරඑළියේ බස් වර්ජනයක් බස් රථ දෙකකට පහරදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ සියලුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව අද (01) වර්ජනයක නියලී සිටිති. 01 July 2024
අසාධ්‍යව සිටින ධීවරයා හම්බන්තොට මහ රෝහලට මුහුදේ පාවෙන් තිබූ බෝතලයක තිබු යම් දියරයක් පානය කිරීමෙන් රෝගි තත්ත්වයට පත්ව සිටි බහුදින ධිවර යාත්‍රාවේ ධිවර කාර්මිකයා අද (01) උදේ හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත. 01 July 2024
බස් බස් ගැටී 20කට තුවාල කොළඹ මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙණිය පල්ලිය ආසන්නයේ වංගුවේදී ලංගම හා පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා වතුපිටිවල හා වරකාපොල රෝහල්වලට ඇතුළත් කළ බව දංඕවිට පොලිසිය කියයි. 01 July 2024
ධීවර ප්‍රජාවට රතු නිවේදන බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 July 2024
දෙමටගොඩදී දුම්රියට ගල් ප්‍රහාරයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (30) පස්වරු 6.40 ට රඹුක්කව බලා පිටත්වූ දුම්රියට දෙමටගොඩ ප්‍රදේශයේදී කළුගල් ප්‍රහාරයක් එල්ලවීමෙන් දුම්රියේ වීදුරුවකට සහ දොරකට හානි වී තිබේ. 01 July 2024
වැරදි පාරේ ගිය මූල්‍ය ආයතනවලට ලක්ෂ 30 ක් දඩ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 01 July 2024
සම්බන්දන් අභාවප්‍රාප්ත වෙයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා අද (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. 01 July 2024
ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය හිමිවන ලකුණු ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂ නායිකා මෙරීන් ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂයට ජය හිමිවනු ඇතැයි පශ්චාත් මැතිවරණ සමීක්ෂණවලින් තහවුරු වී ඇත. 01 July 2024
අලුත් ඉන්ධන පිරවුම්හල් 100 කට අනුමැතිය දීලා ‘සිපෙට්කෝ’ යටතේ නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය දී ඇතැයි එම සංස්ථාවේ වෘත්තිය සමිති පවසයි. 01 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025