
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත් කඩේ අංක 5 අධිකරණ සංකීර්ණය තුළදී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුගේ පෙම්වතිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වෙඩික්කරුගේ කළමනාකරු ලෙස සිටි පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි
පෙම්වතිය බව කියන 23 හැවිරිදි තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පන්නිපිටිය 174 මාර්ගයේ සම්භාහන ආයතනයක් තුළදී බවත් සැකකාරිය මහරගම පොල් වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය පවසයි.
වෙඩික්කරුගේ පෙම්වතිය වන සැකකාරියව සංජීවගේ ඝාතනයෙන් අනතුරුව රටින් පිටවීම සඳහා මීගමුව ප්‍රදේශයට රැගෙන යාම සඳහා සූදානම්ව සිටි පුද්ගලයා අනෙක් සැකකරු බව පොලිසිය කියයි. එම සැකකරු, වයස අවුරුදු 28 ක් වන මහරගම දඹහේන පාර පදිංචිකරුවෙකි.
සැකකරු සහ සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පොලිසිය මගිනි
ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැක්කා සජබෙ ඇඬිල්ලෝ කියනවා මේ වෙඩිතියපු කෙනා නෙවෙයි කියලා, ඒක රටට හෙනගහලා හෝ අන්දරේට පුටුව දෙන්න හිතන අය. තවත් මොළේ කලඳක් නැති බඩ මහත මන්ත්‍රී කෙනෙක් කියලා තිබුණා මේ සැකකරු ඇල්ලුවේ ඩුබායි පාවාදීමක් මත කියලා, ඒක තමයි පාතාලේ ගනුදෙනු කියන්නේ...!
මේවා අතේ පැලවෙන බොරුනේ, මේ කියන කාන්තාවට රටෙන් පිට වෙන්න ඔච්චර අවශ්‍යතාවයක් තිබුණා නම්, ටිකට් එකක් අරන් ඉන්දියාවට හෝ වෙන රටකට යන්න ප්‍රහාර දිනේට පෙර හෝ ප්‍රහාරය දින හෝ ඊට පසුදින කිසිම බාධාවක් තිබුණේ නැති එකේ මොකටද තව එකෙක් මේ කාන්තාව රට ගෙනියන්නේ උදව්වට...?
දැං මේ දෙන්නත් ඔය සිද්ධියට සම්බන්ධද?