(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව වෙළඳසලක හිමිකරුවකු ඉලක්ක කර අද සවස වෙඩි තැබීමක් සිදු කර ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩික්කරුවන්ගේ උත්සහාය අසාර්ථක වී ඇතැයි මීගමුව මූලස්ථාන පොලිසිය කියයි.
කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළඳසලක හිමිකරුවකු වෙඩික්කරුගේ ඉලක්කය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු ඔහු වෙළෙඳසල තුළ සිටියදී වෙඩිතැබීමට උත්සාහ දරා ඇත.
ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමග එම පුද්ගලයන් දෙදෙනා යතුරු පැදියෙන්ම පලා ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය එනකම් ඉන්නැතුව ඉඳලා ඒ යතුරු පැදියෙන්ම පලා ගිය එකනම් අන්තිම කැත වැඩක්.
රාජපක්ෂලා සාක්ෂි නිශ්ශබ්ද කිරීමේ වෑයමකද?
මේ ආණ්ඩුව ආවාම සිදුවුණු 80 වැනි ඝාතනය, දැන් වෙඩි තැබීම් කීයද, අපරාධකරුවෝ දැන් රිසි සේ වෙඩි තබමින් යනවා, ඇයි මෙහෙම වෙන්නේ..?