IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මන්ත්‍රී ගෙවල් කුලියත් ඉහළට?

(සුජිත් හේවාජුලිගේ)

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මාධ්‍යවල මන්ත්‍රී නිල නිවාසයක් වෙනුවෙන් මාසිකව තවම අය කෙරෙන්නේ රුපියල් දෙදහසක මුදලක් පමණක් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයෙක් පැවසීය.

මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු ආහාර බිල වැඩිකළද මිල නිවාසවල මාසික කුලිය තවමත් එලෙසම පැවතීම ගැටලු සහගත බවත්  රටේ වර්තමාන තත්ත්වයට සාපේක්ෂව ගෙවල් කුලිය වැඩි කළ යුතු බවත් බොහෝ පාර්ශ්ව රජයට පෙන්වා දී ඇත.

පාඩුව පියවා ගැනීමට නම් මෙම එක් නිවසක් වෙනුවෙන් අඩු තරමින් රුපියල් 15000ක් හෝ 20000ක් අය කළ යුතු බව එම පාර්ශ්ව වැඩිදුරටත් පෙන්වාදෙති.

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් බහුතරයක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇත.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ ආහාර බිල යම් පමණකින් වැඩිකළද ඉන් ආවරණය කර ගැනෙන්නේ ආහාර ද්‍රව්‍යවල මිල (material cost) පමණක් බව පාර්ලිමේන්තුවේ ආහාරපාන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (3)

මන්ත්‍රී ගෙවල් කුලියත් ඉහළට?

Nihal Dharmatileke Saturday, 22 February 2025 02:54 PM

රුපියල් 2000ට කවුද ගෙවල් කුලියට දෙන්නේ? අඩුම කුලිය රුපියල් 25000යි. ඈවරයි.. දෑවරයි.

:       0       21

Kazi Shajahan Saturday, 22 February 2025 03:09 PM

NPP එක නම් කිව්වේ පඩි මදි, කෑම බීම, යාන වාහන, ගෙවල් දොරවල් මොනවත් ඕනැ නැහැ... ජනතා සේවය කරන්න. දැන් කියනවා එහෙම කිව්වේ නැහැලු.

:       8       22

Nandalal de Silva - France Sunday, 23 February 2025 12:25 AM

හිටපු ඇමැති පංචායුධගේ පෙට්ටි කඩයේ මාසික කුලිය, ඒ දවස්වල රුපියල් 3000 ක් උනා කියා තුන් මුල්ලෙ විමලේ කිව්වා මතකයි. මන්ත්‍රී නිල නිවසේ බද්ද 2000 ලු !!!! ලාබයි... ලාබයි...සේල් සේල් !!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 827 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1775 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site