IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සංජීවගේ ඝාතනයට අනුබල දුන් බව කියන පී.සී රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිසියේ කොස්තාපල්වරයා ලබන 07 වනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය වෙඩික්කරු අධිකරණය අසළට ගෙනැවිත් ඇරලවු බව කියන රියදුරා තවදුරටත රද්‍වාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අද (21) අවසර දුන්නාය.

විවෘත අධිකරණය තුළ මහෙස්ත්‍රාත්වරිය ඉදිරිපිටිදීම අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළැයි කියන සිදධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

අධිකරණය තුළ මහෙස්ත්‍රාත්වරිය ඉදිරිපිටිදීම ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ 03 වැනි සැකකරු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ලහිරු ප්‍රසන්න ඇතුගල නමැත්තා රිමාන්ඩ් බාරයට පත් කළ අතර සිද්ධියේ සිව්වැනි සැකකරු ලෙස නම් කළ වෙඩික්කරු කොළඹ අලුත්කඩේ අධිකරණ සංකී්ර්ණයට ප්‍රවාහනය කළ දොන් උදය කුමාර නමැත්තා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මෙලෙස අවසර දුන්නේය.

 



අදහස් (1)

සංජීවගේ ඝාතනයට අනුබල දුන් බව කියන පී.සී රිමාන්ඩ්

sugath Friday, 21 February 2025 07:40 PM

මුලදී පොලිස් සේවයට පමණක් නොව, රටේ අනිකුත් ආරක්ෂක සේවාවන්ට අපේක්ෂකයින් බඳවා ගත්තේ අධ්‍යාපන සුදුසුකම් මත පමණක් නොව, ඔවුන්ගේ පවුල් පසුබිම ගැනද සොයා බැලීමෙන් පසුවයි. දෙවනුව සඳහන් කළ කරුණට වර්තමානයේ එතරම් බරක් නොදීම නිසා අද බොහෝවිට මෙවැනි අපරාධ කල්ලි වලට සම්බන්ධ උදවිය රටේ ආරක්ෂක අංශ වලට රිංගා ඇති බවක් පෙනේ...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 827 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1775 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site