IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


උද්ධමනය සෘණ 4.0ක් දක්වා අඩු වෙයි

(යොහාන් භාසුර)

මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජනවාරි මාසය සඳහා සියයට සෘණ -4.0 ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය  ප්‍රකාශයට පත්කළේය.

ඒ අනුව 2024 දෙසැම්බර් මාසයේ දී සියයට සෘණ -2.0 ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ජනවාරි මාසය සඳහා සියයට සෘණ -4.0 ක් දක්වා අඩු වී ඇති බවත් දෙසැම්බර් මාසයේදී සියයට සෘණ -1.0 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ජනවාරි මාසයේ සියයට සෘණ -2.5 ක් දක්වා අඩු වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

දෙසැම්බර් මාසයේ සියයට සෘණ -2.9 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ජනවාරි මාසයේ සියයට සෘණ -5.2 ක් දක්වා අඩු වී ඇති බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 



අදහස් (4)

උද්ධමනය සෘණ 4.0ක් දක්වා අඩු වෙයි

යෝගා Friday, 21 February 2025 08:59 PM

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දැන් කාලගුණ දෙපාර්තමේන්තුවේ මට්ටමට වැටිලා. කියන දේ අනිත් පැත්ත තමා වෙන්නේ. ආණ්ඩුව පච සාගරයක් බව ඇත්ත. ඒත් ආණ්ඩුවේ නිලධාරීන්වත් අඩුගානේ ඇත්ත කියන්න. බඩු මිල අඩු වුනේ කවද්ද?

:       4       6

ගුණරත්න Saturday, 22 February 2025 11:08 AM

මට අදහාගන්න බැහැ. ඊයේ පොල්ගෙඩි 4ක් ගෙනාවා ගාණ 990යි. කීරි සම්බා කිලෝ 5ක් 1300යි, රතුහාල් 5ක් 1150යි. මේ සල්ලි ඉතින් හොයන්නේ ගස් වලින් කඩලා තමයි.

:       1       4

සෙනේ Saturday, 22 February 2025 03:13 PM

මේ ලෙස -100 උණුකළ බඩු නොමිලේ! මොන බොරුවක්ද මේ? පසුගිය මාසය ඇතුළත මිල ඉහළ යාමේ ප්‍රවණතාවය 10% පමණට වේ.

:       0       5

R.T.sarath Saturday, 22 February 2025 10:50 PM

සංඛ්‍යා ලේඛන නිවැරදි ඇති මිනිස්සු හම්බු කරන සල්ලි මදි සහල් , පොල් ගන්න ඒවා බොහෝවිට ගන්නේ ගමේ සිල්ලර කඩෙන් සහ පොලී මුදලිලාගෙන් , ඒවා ඔය කියන රජයේ සංඛ්‍යා ලේඛනවලට වැටෙන්නේ නැහැ , පොල් හාල් , එළවලු , සිල්ලර ගත්තට පස්සේ මිනිස්සුට වෙන වෙන දේවල් ගන්න සල්ලි නැහැ. එම නිසා ඒවාට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. එම නිසා උද්දමනය පහළ වැටෙන බවට දර්ශකේ පෙන්වනවා , අපි සියලු දෙනාම සුපර් මර්කෙට් එකෙන් සහල් , පොළ එළවලු මාළු ගත්ත නම් ඔය දර්ශකය ද 6 12 අතර තිබේවි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 827 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1775 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site