
(පද්මසිරි ගාර්දියවසම්)
මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ ඝාතනයට ලක්වූ විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නමැත්තාට අත් විලංගු යුගලයක් ලබා දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල පොලිසියට අනුයුක්තව තංගල්ල කොට්ඨාස රථවාහන අංශයේ සේවය කරන වීරකැටිය කැප්පෙටියාවේ පදිංචි 35 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.
වෙඩි තබා ඝාතනය කල පුද්ගලයා වසර 20 ක පමණ කාලයක සිට තම මිතුරෙකු බවත් ඔහුගේ ඉල්ලීම පිට පොලිස් නිළඇදුම් කොටස් අලෙවි කරන රථයෙන් එකක් රුපියල් 4800 ක මුදලකට අත් විලංගු දෙකක් මිළදී ගෙන ලබාදුන් බවට සැකකාර පොලිස් කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබාදුන් බව පොලිසිය පවසයි .
එම අත් විලංගු යුගල දෙක ඉකුත් 18 දා රැගෙන යන ලෙස තමා මියගිය අයට පැවසූ බවත් තමා නිවසේ නොසිටියදී ඔහු එය රැගෙන ගොස් ඇති බවට සැකකරු වැඩිදුරටත් පවසා තිබේ .
සැකකරු වැඩිදුර විමර්ශන සදහා මිද්දෙණිය පොලිසියට බාරදී තිබේ .
තංගල්ල කොට්ඨාස භාර ජෙය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි මිද්දෙණිය පොලිසිය සැකකරු ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
2025 නොවැම්බර් මස 04
827
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1775
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කජ්ජාට මාංචු දුන්නැයි PC අත්අඩංගුවට
ගුණරත්න Friday, 21 February 2025 05:24 PM
ආරක්ෂාව බාර ඇමැතියා කිව්වේ මොකක්ද? වෙඩි තියපු අය ඇල්ලුවා වගේ, මෙහෙමත් බොරුකාරයින්...!
පිටිගල මිලානෝ Friday, 21 February 2025 07:37 PM
අහෝ… ඩී වී චානක තරුණයාටත් කවදා හරි බඩුම තමයි.. නිවන පෙන්නයි.