IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සෞඛ්‍ය ‍ඇමති -ලෝක බැංකු නියෝජිත හමුවක්

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ  ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අතර හමුවක්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙරට ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය පිළිබඳවත්, මෙරට සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය උදෙසා ලෝක බැංකුව මගින් මෙතෙක් ලබා දුන් සහ ඉදිරියට ලබාදෙන දායකත්වය, සහ‌යෝගය සහ ප්‍රදානයන් පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී  සාකච්ඡා කෙරිණි.

මෙරට ක්‍රියාත්මක නිදහස්  සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමට  රජය ගෙන යන  වැඩපිළිවෙළ මෙන්ම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට  නව රජය ගෙනයන විශේෂ වැඩපිළිවෙළ පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී  ලෝක බැංකු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා ඇතුළු නියෝජිතයින් දැනුවත් කළේය.



අදහස් (0)

සෞඛ්‍ය ‍ඇමති -ලෝක බැංකු නියෝජිත හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site