(චන්ද්‍රසේන ගමගේ)
මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තුන්දෙනෙකු වලස් මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් පැය 72 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් නවෝදා කෝකු හැන්නදිගේ මෙනවිය විසින් අද(22) දින නියෝග කරනු ලැබුවාය.
ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු කර ගෙන යන හෙයින් ඊට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලිසිය විසින් අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය.
ඒ අනුව සැකකරුවන් තිදෙනා ලබන 27 වැනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලැබිණි.
ඝාතනයට ලක් වූ අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු අද දින මැද මුලන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි .
2025 නොවැම්බර් මස 04
827
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1775
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර