(රෝෂන් තුෂාර)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු යැයි කියන අමිල චන්ද්‍රානන්ද හෙවත් නාරාහෙන්පිට අමිල නමැති සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය නියම කළාය.
ඉන්දියානු බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරු පැය 72 ක කාලයක් රඳවා තබා විමර්ශන සිදුකළ බව සඳහන් කල පොලිසිය සැකකරු සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලට පවතින සම්බන්ධය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් සැකකරුට දිවයිනේ විවිධ අධිකරණවල නඩු පවතින අතර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ද නිකුත් කර පවතින බවත් පැවසීය .
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’නාරහේන්පිට අමිල’ යළි රිමාන්ඩ්