කුමන්ත්‍රණ වලට හසුවෙන්න එපා ගමන කඩාකප්පල් කරන කුමන්ත්රණකාරීන්ගේ ගැට වලට හසු නොවී ඉදිරි මැතිවරණය සඳහා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය අමතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවසීය. 03 July 2024
ජනපතිවරණය අත්හිටුවන්නැයි පෙත්සමක් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබා දෙන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් නීතිඥ චමින්ද්‍ර ලෙනව මහතා ඉල්ලා ඇත . 03 July 2024
ආයුර්වේද වෛද්‍යවරු ‘ඩැට්’ ඉල්ලති ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට හිමිවිය යුතු ‘ඩැට්’ දීමනාව ඇතුළු වෛද්‍ය දීමනා වාහා දෙන ලෙස ඉල්ලමින් රජයේ අයුර්වේද වෛද්ය්ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව රාජගිරිය ආයුවේද වටරවුමේදී අද (3) විරෝධතාවක් පැවැත්වීය. 03 July 2024
කරවල හොද්දට වැටුණු දියණිය මරුට පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 03 July 2024
අධ්‍යාපනය කඩන අය ගැන පියවර ගන්න නීතිපති උපදෙස් පතයි ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතු යැයිද විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 July 2024
රත්නපුර පළාත්පාලන ආයතනවලට ලං.වි.ම රතු නිවේදන වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා රතු නිවේදන නිකුත් කර තිබේ . 03 July 2024
ජනපති පොහොට්ටුවට ආවොත් ජනපති අපේක්ෂකත්ව ලබාදීම ගැන බලනවා ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 03 July 2024
ගම්පහ ගංවතුරට හේතු සොයන්න මෙහෙයුමක් ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීමට හේතු සොයා බැලිම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. 03 July 2024
තාබුගලට මරණ තර්ජන රහස් පොලිසියට එරෙහිව පැය දහයක රහස් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයා හමුවේ ලබා දුන් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරුට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම ලබන 10 දින සිදුකරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (03) දන්වා සිටියාය. 03 July 2024
සම්බන්දන්ගේ පුටුවට කුගදාසන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයත් සමග හිස් වූ අසුන වෙනුවෙන් එම පුරප්පාඩුවට මනාප ලෑයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කරනු ලැබීය . 03 July 2024
’’කහ ලොකු අඹ’’ රට යවන්න විතරයි TEJC අඹ ප්‍රභේදය අපනයනය ඉලක්ක කරගත් වගාවන් වශයෙන් පමණක් මින් ඉදිරියට ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 03 July 2024
මිහින්තලේ නාහිමිත් ජනපති ඡන්දෙට ? ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ. 03 July 2024
ස්විට්සර්ලන්තය සමඟ ඇඟලුම් ගිවිසුමක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය අතර ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 July 2024
ගින්නක් යුවළකට දිවි අහිමිකරයි යටියන්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් යටියන්තොට පනාවත්ත වතු යායේ අද (03) අළුයම 2.00 පමණ විදුලි කාන්දුවීමක් හේතුවෙන් සිදුවු ගිණි ගැනීමකින් එම වතුයායේ ලැයිම් කාමර පහක් ගිණි ගෙන එම ලැයිම් කාමරයක සිටි අඹුසැම් යුවලක් මරණයට පත්ව ඇති බව යටියන්තොට පොලිසිය කියයි. 03 July 2024
මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරුට යාපනය ගුරුනර්හ හි ධීවරයෙකුට විස සහිත මොරල්ලෙකු ගෙලට ඇනීමෙන් ධීවරයා මියගොස් ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි. 03 July 2024
බෝට්ටුවක් පෙරැළි අයෙක් මරුට යාපනය කුරිකට්ටුවාන් ප්‍රදේශයේ සිට නයිනතිව් දුපත දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු බෝට්ටුවක් පෙරැළී සිදුවූ අනතුරකින් එක අයෙකු මුහුදේ ගිලි මියගොස් ඇති බව ඌ(ර්)කවතුරේ පොලිසිය සදහන් කරයි. 03 July 2024
ඥාතීන්ගේ විලාප මැද ධීවර සිරුරු තංගල්ලට මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩොවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයින් හතර දෙනාගේ මෘතදේහයන් රැගත් බහුදින ධීවර යාත්‍රාව අද (3) උදෑසන තංගල්ල ධීවර වරායට ළගාවිය. 03 July 2024
අදත් වැසි වාර කිහිපයක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 July 2024
ලංකාවේ ටියානිට ඇමෙරිකාවේදී වාසනාව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 16 හැවිරිදි ටියානා සුමනසේකර පැරිස් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙස නම් කර ඇත. 03 July 2024
පියුමිගේ ආලේපනත් සීඅයිඩීයේ විමර්ශනයට නීති විරෝධී සහ සැක කටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේයැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි. 03 July 2024
ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමක්: 116 ක් මරුට ඉන්දියාවේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් 116 ක් මියගියහ. මියගිය එම 116 දෙනාගෙන් 106 දෙනකු කුඩා දරුවන් සහ කාන්තාවන් බව ද පැවැසෙයි. 03 July 2024
රෝබෝවක් සිය දිවි නසා ගනී රොබෝවරයකු ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය. 03 July 2024
සිසුවෙක් සහ සිසුවියක් ගොඩනැගිල්ලක 67 වන මහලින් පැනලා කොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක කොම්පඤ්ඤවීදිය සුඛෝභෝගී නිවාස සංකීර්ණයක 67 මහලින් පැන සියදිවි නසාගෙන ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. 02 July 2024
ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක හෙළීමක් වන හෙයින් එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතුයැයි ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ. 02 July 2024
ගොඩබිමට ගෙනා ධීවර සිරුරේ කොටස් රස පරීක්ෂකට මහ මූහුදේ පාවූ නොහඳුනන බෝතලයක දියර පානයක් කර ජීවිතක්ෂයට පත් වූ ධීවරයන් අතරින් දැනට ගොඩබිමට ගෙනවිත් හම්බන්තොට මහ රෝහලේ තැන්පත් කර ඇති ධීවර කාර්මිකයාගේ ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් එතෙක් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදීම සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය දිල්හානී අමරසිංහ මහත්මිය හම්බන්තොට වරාය පොලිසියට නියෝග කළාය. 02 July 2024
ආර්ථික පරිවර්තන කෙටුම්පත ගැන කතානායකගෙන් ප්‍රකාශයක් ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (02)දා පැවසීය. 02 July 2024
පුත්තලම හිටපු මන්ත්‍රීගේ දඬුවම තහවුරු වේ පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර ලබා දී තිබූ වසර 05 ක අත්හිටවූ සිර දඩුවමක් නැවතත් 02 වැනිදා අද දින නැවත වරක් තහවුරු කර ඇත. 02 July 2024
ජනපති සම්පන්තන්ට අවසන් ගෞරව දක්වයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ උත්තරීතර නායක අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්තන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. 02 July 2024
මාස තුනට බූස්සට ජංගම දුරකතන 36 රිංගවලා බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’’කැස්බෑව හල්පිට රැවුල් කුමාර’’ නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඉකුත් මාස තුනක පමණ කාලයක් තුළ රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා ජංගම දුරකථන 36ක් ඇතුළු උපාංග රැසක් ලබා දී ඇති බවට විමර්ශනයකදී අනාවරණය වී ඇතැයි බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 02 July 2024
තරුෂිට - නදීෂාට ඔලිම්පික් වරම් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකාවන් වන තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. 02 July 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025