
(ගයාන් සූරියආරච්චි)
කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක නවාතැන්ගෙන සිටි චීන ජාතිකයකු හදිසියේ මියගොස් ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
ලෝක ප්‍රකට දුරකතන සමාගමන විධායක නිලධාරියකු වූ මෙම චීන ජාතිකයා වයස අවුරුදු 46 ක පමණ අයකු බව ද පොලිසිය කියයි.
පොලිසිය දැනට සිදුකළ විමර්ශනවලට අනුව අනාවරණය කරගෙන ඇත්තේ මෙම චීන ජාතිකයා බිම ඇදවැටීම හේතුවෙන් මියගොස් ඇති බවය.
මැද කොළඹ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් ගලගමගේ මහතාගේ උපදෙස් පරිදි කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේමාන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තියෙන එකම බයත් ඕක, චීන්නුන්ගෙන් මොන ලෙඩක් ඒවිද කියල නෙවෙයි හදීසියේ අනතුරක් වුනොත් වටේ ඉන්න උන් ලෙඩා අරන් යන්නේ අඬු පඬු වලින් ඇදන් ගිහින් ගෝනියක් දමන තාලෙට. එහෙම අරන් ගිහින් ත්‍රී වීල් එකක තුනට හතරට නවල ඔබනකොට ලෙඩා මැරිලා ඉවරයි.
බිලියන 1.3කින් එක්කෙනෙක් කියන්නේ ඉලක්කමක් විතරයි .