(යොහාන් භාසුර)
වරායෙන් නිදහස්කර නොගත් සත්ව ආහාර ලෙස විකිණිමට තිබූ රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් ඉස්සන් අඩංගු කන්ටේනර් දෙකක් විනාශ කිරීමට රැගෙනයන මුවාවෙන් වරායෙන් නිදහස් කරගෙන විවෘත වෙළෙදපොළේ අළෙවි කිරීමේ උත්සහයක් පවතින බවත් වරාය භාණ්ඩ ලංසුකරුවෝ පවසති.
වරාය අධිකාරිය ලබන පෙබරවාරි 28 වැනිදා පැවැත්වීමට නියමිත වෙන්දේසියට මෙම ඉස්සෝ කන්ටේනර් දෙක ලැයිස්තු ගතකර නොමැති බව කියන ලංසුකරුවෝ ඇමෙරිකාවෙන් ආනයනය කළ මෙම කන්ටේනර් දෙකේ ඉස්සෝ කිලෝග්‍රෑම් 50,000 ක් පමණ අඩංගු බව ද සදහන් කරති.
මෙම ඉස්සන් අඩංගු කන්ටේනර් දෙක වරායෙන් නිදහස් කරගැනීමට ව්‍යාපාරිකයෙක් යැයි කියන පුද්ගලයෙක්ට වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් සහ ශ්‍රී ලංකා රේගුවේ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනකුගේ සහය ලැබී ඇති බවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සත්ව ආහාර ලෙස හෝ වෙන්දේසි නොකර විනාශකරන මුවාවෙන් වරායෙන් රැගෙනයෑමෙන් රජයට අයවියයුතු විශාල බදු මුදලක් අහිමිවන බවත් ඔවුහු පවසති.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයක් නොමැතිව මෙවැනි ආහාර වෙලෙදපොළට නිකුත්වීම ජනතාවගේ සෞඛ්‍යයට දැඩි හානිකයක් වියහැකි බව ද වරාය භාණ්ඩ ලංසුකරුවෝ වැඩි දුරටත් සඳහන් කරති.
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව
කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
’’ඉස්සෝ කන්ටේනර් දෙකක් වරායෙන් පන්නන්න යයි’’
Kamal Koyrala Tuesday, 25 February 2025 12:24 PM
මේ සම්බන්ධව අදාළ බලධාරින්ට රජයට පැමිණිලි කර පුවත් පතේ පළ කළා නම් හොඳයි නේද?