IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මාලඹේ ගංජා සැකකරුගෙන් ප්‍රශ්න කරන්න අවසර

රෝෂන් තුෂාර

මාලඹේ හෝකන්දර විෂ්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කිරීමේදී කේරළ ගංජා කිලෝ දෙකක් සමග අත්අඩංගුවට පත් වූයේ යැයි කියන සැකකරු දින හතක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (24) අවසර ලබා දුන්නාය.

මාලඹේ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ ගම්පහ දෙල්ගොඩ පදිංචි හර්ෂ කසුන් නැමති සැකකරුවෙකු මෙසේ පොලීසියේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය.

මාලබේ පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පොලිස් අණ නොතකා ධාවනය කිරීමට උත්සාහ දැරීමේදී රථයට වෙඩි තබා සැකකරු අත්අඩංගුවට ගත් බවය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන නුවන් ජයවර්ධන හා දසුන් පෙරේරා මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සිය සේවා දායකයා පලායාමට නොව පොලිස් අණ පරිදි පොලිස් නිලධාරීන් සිටින තැනට පසුපසට ධාවනය කිරීමේදී පොලිසිය මගින් ඉදිරිපස රෝදයකට වෙඩි තබා ඇති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු දින හතක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය ලබන 02 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.

 



අදහස් (2)

මාලඹේ ගංජා සැකකරුගෙන් ප්‍රශ්න කරන්න අවසර

B Amarasinghe Tuesday, 25 February 2025 04:16 AM

පොලිස් නිලධාරින් සිටින තැනට පසුපස ධාවනය කිරීමේදී ඉස්සරහ රෝදයට වෙඩි වැදුනේ කොහොමද? කියලා කල්පනා කරන මම.

:       0       12

Malika Tuesday, 25 February 2025 09:38 AM

මේ වගේ රට, තරුණ පරපුර විනාස කරන මත්ද්‍රව්‍ය විකුණන, බෙදාහරින නරුමයන්ව බේර ගන්න මුදලට කෑදර කමට ඉදිරිපත් වන නීතීඥයින් හරි නම් මහජනතාව ගල් ගහලා පලවා හරින්න ඕනේ. දුෂීත දේශපාලඥයින් වගේමයි මේ නීතී විශාරදයොත්.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 628 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site