
(අංජුල මහික වීරරත්න)
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි ක්‍රීඩා ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද සිදු කෙරුණි.
ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යාංශය මෙතෙක් සිදු කළ වැඩ කටයුතු පිළිබඳවත්, ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳවත්, මෙහිදී අමාත්‍යවරයා ක්‍රීඩා කර්තෘවරුන්, විද්‍යුත් මාධ්‍ය ක්‍රීඩා අංශ ප්‍රධානීන් දැනුවත් කිරීම සිදු විය.
මෙහිදී මාධ්‍යවේදීන්ගේ අදහස් සහ යෝජනා ද සාකච්ඡාවට ගැනුණු අතර, ක්‍රීඩා අමාත්‍යාංශය හමුවේ ඇති අභියෝග පිළිබඳවත් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදු කෙරුණි.
මෙම හමුවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය වේදීන්ගෙන් නොව පදක්කම් දිනූ සහ සමස්ත ලංකා වාර්තා තැබූ කණ්ඩායම් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ, පුහුණු කරුවන්ගේ ක්‍රීඩා පිළිබඳ විශේෂඥයින්ගේ අදහස සහ යෝජනායි වැදගත්...