
(යොහාන් භාසුර)
අරගල කර මන්ත්‍රීවරු ඝාතනය කර ආණ්ඩු බලය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සන්නද්ධ හමුදාවක් නොමැති බවත් වැඩ කර පෙන්වා ඇති පක්‍ෂයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව පාලනයගැනීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ එම පක්‍ෂයේ තරුණ සංවිධානයේ කාර්යාලය විවෘත කිරීමෙන් පසුව මාධ්‍ය වෙත නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය. අලුත් රටවක් වෙනුවෙන් තරුණයක් මෙහෙයවනවා මිස රට ගිනි තැබීමට තරුණයක් ක්‍රියාත්මක නොකරන බවත් ජනාධිපතිතුමාට හිතෙනවා නම් ඔවුන්ගේ මන්ත්‍රීවරු 159 න් වැඩකක් නෑ කියා අවුරුදු දෙකහමාරෙන් ආණ්ඩුව විසුරුවා හැකි බවත් ඒ මහතා කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අලුත් ගමනක් යායුතු යැයි විශ්වාස කරන නිසා තරුණ පෙරමුණ ලෙස ශ්‍රී ලංකාවට ගැලපෙන ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යෑම ආරම්භ කළ බවත් ජොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ සංවිධානයට නව කාර්යාලයක් විවෘත කළ බවත් ඒ මහතා පැවසීයෙ
ආර්ථික, සාමාජීය සහ දේශපාලන ප්‍රතිත්තියක් සමඟ දේශපාලනය කිරීමේ අවස්ථාව මෙරට ජනතාවට ලැබෙන බව කී නාමල් රාජපක්‍ෂ මහතා ඇතමුන් මැතිවරණ කාලයේදී තරුණයන්ට අසීමිත බලාපොරොත්තු දෙන බව ද සඳහන් කළේය.
ෙයහපාලන ආණ්ඩුව නංගිට තෙමෙන්නෙ නැතුව යන්න පුංචි කාර් එකක් දෙන්න පොරොන්දු වුණත් අවසානයේ නංගිට බස් එකේ යන්න බැරි තත්වයට ආර්ථිකය වැටුණු බවත් වර්තමාන ආණ්ඩුව ලක්‍ෂ 12 කට කාර් එකක් දෙන්නේ යැයි පොරොන්දු වූ බවත් නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.ො
රැකියා සහ කාර් පෙන්වා තරුණ පරම්පරාව නොමඟ යවන දේශපාලන සංස්කෘතියක් ඇති බවත් එම සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවට ඩිජිටල්කරණය ආරම්භ කර ඉදිරියට යෑමට සිදුවෙන්නේ නාමල් රාජපක්‍ෂ ඩිජිටල් අමාත්‍යවරයා නැවතූ තැනින් බවත් 2002 වසරේ යූඅයිඩී එකේ ටෙන්ඩර් පටිපාටියත් ආරම්භ කර ඉන්දියාව ඩොලර් මිලියන 80 ක ආධාරයක් ද දුන් බවත් අරලයත් සමඟ අප්‍රේල් මස තමන් ඇමති ධූරයෙන් ඉවත්වීමත් සමඟ එම වැඩපිළිවෙළ ද අවසන් වූ බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා ඇත්ත නේන්නං…, හිටියේ මාධ්‍යවේදීන්, රගර් ක්‍රීඩකයන් ඝාතනය කරන හමුදාවක් කියලා කවුදෝ කිව්වා…!
තජුඩීන් ලා, ලසන්ත ලා, එක්නැලිගොඩලා ඉබේ මැරිලා…!
මතකද බේරෙ වැවේ “බැස සීතල ගගුලේ පීන පීන නාමුකෝ සුදෝ…”
අපි ඉතිහාසය අමතක කරනවා කියලා ඔයා හිතනවාද? කිසිම අවස්ථාවක් නැහැ.
තිබ්බත් කියයියෑ...!
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගැනත් මතක් වුණා.
සමහර කතා තියෙනවා ඇත්තක් වුණත් කියන කෙනා නිසා බොරුවන් වන... මේකත් ඒ වගේ...
මොලේ හොඳටම කචල් වෙලා. වැලිකඩ යන්න කලින් අංගොඩ යන්න වෙයි වගේ.
කට්ටියම හොඳට වැඩ පෙන්නපු නිසා තමයි බාප්පියි පුන්චියි ඇදුම් ටිකයි හොරකම් කරපු කෝටියයි දාලා උඩුගුවනේ පාවුනේ.. ඊටත් වැඩිය හොඳට නූගත් බේබිලා වැඩ පෙන්නලා දැන් රිපෝට්ස් අරන් උසාවි යනවා. එකෙක් හිරෙත් හිටියා මේ නූගත් බේබිත් ළඟදීම යනවා... ඇයි දන්නේ නැහැ... නේද? රටට වැඩ පෙන්නලා දැන් ර්පෝට්ස් අර්න් උසාවි යන්නේ හිරේ හිටපු බේබි ට මොකටද තුවක්කු? ඔයතරම් එයාට කොහෙන්ද ඒවා කුඹි මරන්න වෙන්න ඇති නේද? ඉඳපන්කෝ මැතිවරනෙත් ඉවර වෙනකම්... ජනතාවගෙ ඉතුරුවැඩ ටික පෙන්වන්න... නූගත් ලෝයර් මල්ලි ලෝයර්ස්ලා හයර් කරනවා... ලෝය ගෙදර ඉද්දි ඔබලාට ගිය රට කිව්වාලු. හිතන් හිටියේ එහෙමයි. ගැහැණු ළමයින්ව හෝටල් වලට අරන් ගිහින් තියන් ඉඳලා නිකම් රජයේ මුදල් අර්න් වැටුප් ගෙවපු අය තවමත් මෝඩයි.
ලොකු අතුල මලේ කෝමද කියලා අප්පුච්චාගෙන්ම අහගනිං කොලුවෝ…..!
NPP පාලනය දැන් බලයේ ඉන්නවා. NPP/JVP නායකයා කිව්වා රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව චෝදනා රැසක් තියෙනවා කියලා. දූෂිත දේශපාලනඥයින් ඇතුළු අයගේ නම් තියෙන ලිපිගොනු 400ක් තියෙනවා කියලා ඔවුන් කිව්වා. ශිෂ්ඨ සම්පන්න ලෝකයේ, අධිකරණයකින් ඔප්පු කරන තුරු චෝදනා ගැන කවුරුත් තැකීමක් කරන්නේ නැහැ. උරුමක්කාර වහලුන් ඔවුන්ගේ ලොක්කන් කියන සියලු කුණුහරප බැරෑරුම් ලෙස සලකනවා. මම පෞද්ගලිකව නාමල්ට බොහෝ හේතු නිසා කැමැති නැහැ. නමුත් ඔහු කියන දේ හරිම නිවැරදියි. කාඩර්වරුන් හෝ ත්‍රස්තවාදීන් පුහුණු කළ එකම දේශපාලන පක්ෂය හෝ දේශපාලන මතවාදය JVP පමණයි. වහලුන් බවට පත් වූ NPP බොහෝ දෙනෙක් එයට කැමති නැහැ.. නමුත් ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යය නම් 72 කැරැල්ලේදී රාජ්‍යයට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව LTTE සංවිධානයට පාඩම් කියා දුන් දේශපාලන පක්ෂය JVP බවයි...
කජ්ජ කතා කරයි.
රටට කෙලපුවාට දඬුවම් 1 ගානේ දැඩිම දඬුවම දුන්නොත් අවුරුදු 76ක් කරපු අයට අපායේ ලොකුම දඬුවමත් මදි...
එහෙනම් පොහොට්ටුවේ රට බංකොළොත් කරපු අය ඉන්නවද?
ඉන්නේ පල්ලි වලට බෝම්බ තියන උන්, ක්‍රිඩකයින්,ජනමාධ්‍යවේදීන් මරණ උන් ව්‍යපාරිකයින් මංකොල්ල කන උන් ස්ත්‍රී දුෂකයින් විතරද? .
බලලා මල්ලෙන් එලියට පැනන්ද මන්ද?
රට කාපු, රටෙහි ධනය හොරා කා විදෙස් රටවල තැන්පත් කරලා, පිටරටවල විශාල වත්කම් අරගත්, මෙම නාමල් නාම්බාට, එම ධනස්කන්ධය මදි වෙලා වගෙයි ඊයෙ කරපු කථාවකින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ... අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට රට හදන්නට බැරි නම් නාමල් ගොබ්බයා, රට හැදීම බාර ගන්න සූදානමින් ඉන්නා බව රැස්වීමක දී කියූ බව පුවත්පත්වල තිබුණා. මැදමුලන "ඉලව්වෙ" වගේ බත් කන, පුන්නක්කු බොන ගොන්නු මුළු රට පුරාම ඉන්නවා කියා හිතුවා වගෙයි...!!!
මේ රට අන්තෙටම නැති කරපු රටක් මේ ආණ්ඩුවට බාර දුන්නේ ඉතින් එක පාරට රට දියුණු කරන්න බෑ ටිකෙන් ටික සහයෝගය දෙන්න ඕනෑ
ඔව් හරිනේ. අහින්සක මහජනතාව මරන එවුන්නේ උඹලා ලග ඉන්නේ ..
ආයේ අමුතුවෙන් කියලා හමුදාවක් මොකටද? දූෂිත පවුල් පාලනේ ඇතුළේම ඉන්නේ සුදුසුකම් තියෙන අය.. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කැළෑ නීතිය රජ කරවපු අය...