
(මදුශානි අබේසිංහ )
දෙහිඅත්තකණ්ඩිය, මුවපැටිකේවල, හුලංබඳනාගල ප්‍රදේශයේ පෞද්ගලික ගොවිපලක් තුළ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ, වීරකැටිය, එතරම්දෙනිය, කිරාවේල ප්‍රදේශයේ පදිංචි 35 වියති ඩී.එච් සුරේස් ශ්‍රීමාල් යන අය බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.
පෞද්ගලික ගොවිපොළක් තුළ මෙම බඳින තුවක්කුව පත්තු වීමෙන් ඊයේ (22) මෙම අනතුර සිදුවී ඇති අතර ඔහු දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙත රැගෙන යාමේදී මියගොස් ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. දේශපාලකයෙක් දඩයමේවත් ගියොත් මොකද වෙන්නේ?
"කමල් ගමරාලා පිස්සෙක්ද, නැත්තන් අධික වහලෙක්ද?