
( ප්‍රසාද් රුක්මල් )
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක ගමන් බෑගයක දමා සඟවා තිබූ ජීව පතරොම් 123ක් බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළේ දී සොයාගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .
ලැබුණු තොරතුරක් මත මෙම කොළඹ බදුල්ල පෞද්ගලික බස්රථය බණ්ඩාරවෙල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (22) පරික්ෂා කිරීමේදී එහි ගමන් මලු රදවනය තුළ තිබූ බෑගයක කුඩා යකඩ පෙට්ටියක් තුළ දමා සගවා තිබූ මෙම ජීව පතරොම් තොගය සොයාගත් බවත් පොලිසිය සදහන් කළේය .
පිස්තෝල පතරොම් 113ක්, ටී56 වර්ගයේ පතරොම් 9ක්, ටී56 එල්.එම්.ජී.පතරොම් 1ක් මෙසේ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය . මෙම පතරොම් තොගය ගෙන ආ පුද්ගලයා අදාළ පතරොම් සහිත ගමන් බෑගය බස්රථය තුළ තබා බසයෙන් බැස ගොස් ඇති බවත් පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් එකේ cctv නැද්ද ?
දැන් සියල්ල ස්ථාන මාරු කරනවා. ඌවෙන් දකුණට, පහසුවෙන් ගෙන යා හැකිව මෙන්ම ඌවේ ගංජා හේන්වල ආරක්ෂිතව තැබිය හැකි නිසා අලුත්ම උපක්‍රමය විය හැකියි.