බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10 කින් ඉහළ යයි ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බහලුම් ප්‍රවාහන රථ ගාස්තු සියයට 10 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමිට යුතු බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය. 22 March 2026
ඉන්ධන මිල ඉහළ දමයි පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධනවල මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 21 March 2026
ඉන්ධන තොග නිකුත් කිරීම අත්හිටුවයි තොග පර්යන්තවලින් ඉන්ධන අද (21) දිනයේ ද නිකුත් කරන්නේ යැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසුවද ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ මීට සුළු මොහොතකට පෙර පැවසූහ. 21 March 2026
ඇමරිකා ප්‍රහාරක යානා දෙකක් මත්තලට බාන්න අවසර ඉල්ලලා මත්තල ගුවන්තොටුපලට ප්‍රහාරක ගුවන් යානා දෙකකට පැමිණීමට ඉඩ දෙන ලෙස එක්සත් ජනපදය ඉල්ලා සිටි අතර ගුඩ්විල් විසිට් එකක් සඳහා ලංකාවට පැමිණීමට ඉරාන නෞකා අවසර ඉල්ලා සිටි නමුත් ඒ දෙකටම රජය අවසර නොදුන් බව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 20 March 2026
ජනපතිගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කරනු ලබයි. ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ඇත. 20 March 2026
සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නිවාස දේශපාලන හිතවතුන්ට දීලා-අල්ලස් කොමිසම නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ බ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් හා කොළඹ දුගී දුප්පත් අඩු ආදායම් ජනතාව සඳහා ඉදිකරන ලද සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නිවාස 22ක් , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ හා හිටපු නීතිපතිවරයකුගේ ඉල්ලීම් අනුව දේශපාලන හිතවතුන්ට ලබා දී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම අද පැවැසීය. 19 March 2026
‘‘කපිලට ලැබුණු අල්ලසින් කෝටි අටක් මහින්දට - ප්‍රියංකරට දීලා‘‘ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් සැකකාර කපිල චන්ද්‍රසේනට ලැබුණු අල්ලස් මුදලින් රුපියල් කෝටි අටක මුදලක් හිටපු ජනාධිපතිවරයාට හා හිටපු ගුවන් සේවා අමාත්‍යවරයාට කොටස් වශයෙන් ලබා දී ඇති බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද පැවසීය. 19 March 2026
වසරේ ජනප්‍රියම පුවත්පත හිමි කිරුළ 20 වැනි වරටත් ලංකාදීපයට වසරේ ජනප්‍රිය පුවත්පතට පිරිනැමෙන ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය 20 වැනි වරටත් ලංකාදීප පුවත්පත අද හිමි කරගත්තේය. 18 March 2026
ඉන්ධන බෙදීම ඔත්තේ ඉරට්ටේ අනුව QR කේතයට ඉන්ධන ලබා දීමේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ ඉරට්ටේ අනුව හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. 18 March 2026
ගෑස්-ගල් අඟුරු-ඉන්ධන ගන්න සාකච්ඡා සාර්ථකයි ගෑස්, ගල් අඟුරු සහ ඉන්ධන ලබා ගැනීම සඳහා මිතුරු රාජ්‍යයන් සමඟ කළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේ වන විට සාර්ථක වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවක දී අද (17) පැවසීය. 17 March 2026
බදාදා නිවාඩු දෙන්නැයි පෞද්ගලික පාසල් වලින් ඉල්ලයි ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතන ද බදාදා දිනය නිවාඩු ලබා ලබා දෙන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ඉල්ලා සිටී. 17 March 2026
බදාදා දිනය රජයේ නිවාඩු මැදපෙර දිග කලාපයේ නිර්මාණය වී ඇති යුදමය තත්වය හේතුවෙන් රටේ බලශක්තිය ඉතිරි කිරීමේ මූලික පියවරක් ලෙස බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් කිරීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (16) පැවසීය. 16 March 2026
ඉන්ධන අර්බුදය විසදන්න දින හතරක වැඩ සතියක් ? ඉන්ධන අර්බුදයට පිළියමක් වශයෙන් දින හතරක වැඩ සතියක් හඳුන්වාදීමට ඉදිරිපත්ව ඇති යෝජනාවක් කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. 16 March 2026
අත්‍යවශ්‍ය සේවා ගැන ජනපති හදිසි සාකච්ඡාවක් කැඳවයි නිවසේ සිට රාජකාරී කිරීමේ හැකියාව පිළිබඳ තවදුරටත් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමාත්‍යංශ ලේකම්වරුන්ට අද (15)උපදෙස් ලබා දුන්නේය. 15 March 2026
අලුත් කිව්.ආර් ලියාපදිංචියට තව පැය කීපයක් යාවි මීට පෙර QR කේත ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි වුවත් වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් QR කේත ලබා ගැනීමේදී මද පමාවක් විය හැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 15 March 2026
ඉන්ධන දෙන්න යළි QR එයි මෙරට පිහිටි සියලුම ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීම (15) දා සිට QR කේත ක්‍රමය ඔස්සේ සිදු කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 15 March 2026
ඉරාන ප්‍රහාරයකින් කේ.සී 135 ගුවන් යානා පහකට හානි සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුරට ඉරානය මෑතකදී එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කේසී-135 වර්ගයට අයත් ඇමෙරිකානු ගුවන් යානා පහකට හානි වී ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පසුගියදා වාර්තා කළේය. 14 March 2026
‘රටේ ජනතාවගෙන් හතරෙන් එකක් දුප්පත්’ මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. 13 March 2026
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල රිමාන්ඩ් සිය බිරිද නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ප්‍රකට සිවිල් ගුවන්යානා සමාගමකින් (European Aeronautic Defence and Space company (EADS)) යූරෝ 1,454,645.54 ක(රුපියල් මිලියන 500කට අධික ) අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍ර සේන සැකකරු ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ නියෝග කළේය. 12 March 2026
ශ්‍රී ලන්කන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි අත්අඩංගුවට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් බව කියයි 12 March 2026
’’රටේ තත්වය මට වඩා හොඳින් ජනතාව දන්නවා’’ රටේ තත්ත්වය ගැන මට වඩා හොඳින් ජනතාව දන්නවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 12 March 2026
විදුලි සේවක වර්ජනය අවසන් ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි වීමෙන් පසුව නව සමාගම්වලට අනුයුක්ත කෙරෙන සේවකයන් දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩ ව ර් ජනය අද (11) පස්වරුවේ නතර කෙරිණ. 11 March 2026
‘‘වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කරන්න විශ්වාසයක් ඕනෑ‘‘ යෝජිත සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා හෝ අමත්‍යංශ ලේකම්වරයා ලිඛිතව පොරොන්දුවක් ලබා දෙන්නේ නම් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. 11 March 2026
අපදා නිසා ගෙවල් නැති වූ අයට දෙන මුදල ඉහලට නායයෑම් සහ නායයෑමේ අධි අවදානම හේතුවෙන් පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 March 2026
ඉන්ධන මිල ඉහළ දමයි පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධනවල මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (9) රාත්‍රී නිවේදනය කළේය. 09 March 2026
ලංවීම සේවකයෝ සේවාවලින් ඉවත් වෙති විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයින් අද (9) පස්වරූ 3.00 සිට පැය 24ක කාලයක් සියලු සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි. 09 March 2026
‘‘ශ්‍රී ලංකාවට තීරණ ගැනීමේ අයිතියක් තියෙනවා‘‘-ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ඇමෙරිකාව ගරු කරන බවත් ඉරාන යුද නෞකා දෙකක් වන අයිරිස් ඩෙනා සහ අයිරිස් බුෂර් නෞකාවල නාවිකයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් තිබෙන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශිකා ටැමී බෲස් විදෙස් මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් ප්‍රකාශ කළාය. 08 March 2026
බ්‍රිතාන්‍යයේ උදවු එපා - ට්‍රම්ප් ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ මැදපෙරදිග කලාපයට ගුවන් යානා ප්‍රවාහන යුද නෞකා යෙදවීමට එක්සත් රාජධානියේ සහාය තමන්ට අවශ්‍ය නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ. 08 March 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026