
(යොහාන් භාසුර)
ඉන්ධන සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීමෙන් ඇතිවන පීඩනයෙන් කොටසක් ඉන්ධන පාරිභෝගිකයාට ලබාදීමේ ප්‍රතිපත්තිය යටතේ ඉන්ධන මිල වැඩි කළ බවත් වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීම වැලැක්වීමට අනිවාර්යෙන්ම ඉන්ධන පරිභෝජනය අඩුකළ යුතු බවත් බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (1) පැවසීය.
ලංකා ඛනිජ තෙල් තොග ලබඩා පර්යන්ත සමාගමේ බිල්පත් ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් කොළොන්නාව ඛනිජ තෙල් සංස්ථා තොග ගබඩා පර්යන්ත සමාගම් පරිශ්‍රයේදී අද (1) පැවැති උත්සවයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා එසේ පැවසීය.
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙසේ ද අදහස් දැක්වීය. “මැයි මාසය වන විට ඩොලර් මිලියන 524 ක් ඉන්ධන සඳහා වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට. එම තත්වය තව දුරටත් දරාගෙන ඉන්න අමාරුයි.
ඒ නිසා රටක් හැටියට කල්පනා කරලා බලන්න වුණා අනිවාර්යෙන්ම ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදියක අඩුකිරීමක් කර රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට කටයුතු නොකළහොත් එක පැත්තකින් ඉදිරියේදී ඉන්ධන මිල වැඩිවීමට බලපෑමක් කරනවා පමණක් නොව ඒ හරහා සමස්ත ආර්ථිකයට කිසියම් බලපෑමක් ඇති කරන්න පුළුවන්.
යම්කිස් පීනයක් ඇතිවනවා වුණත් පීඩනයේ කොටසක් මේ වෙලාවේ ඉන්ධන පාරිභෝගිකයාට ලබාදීලා එහි වැඩි කොටසක් රජය දරමින් ඒ වගේම තවත් කොටසක් ඉන්ධන සැපයුම් කරන ඒ සමාගම් වෙත යොදමින් මේ අවස්ථාවට මුහුණ දෙන එක තමයි රජයේ ප්රතිපත්තියයි’‘
අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩි දුරටත් මෙසේ ද කීය. “අපේ රටේ තෙල්වල ගිය මාස කීපයේම තෙල්වල මිල වැඩිවීම ගත්තොත් පෙට්‍රල් 95 වැඩි කරලා තියෙන්නේසියයට 45.59 කින්, පෙට්‍රල් 92 මෙම වාරකීපයේම වැඩි කරලා තියෙන්නේ සියයට 48.12 කින්, ඒ වගේම ඩීසල් වැඩි කරලා තියෙන්නේ සියයට 44.84 කින්, සුපර් ඩීසල් වැඩිකරලා තියෙන්නේ සියයට 45.29 කින්. ඒත් සමඟ බැලුවම පැහැදිළිව පෙනෙයි ලෝකයේ සෙසු රටවල්වලට සාපේක්ෂව අපි තවමත් අඩු ප්‍රතිශතයකින් තමයි ඉන්ධන මිල වැඩි කරලා තියෙන්නේ.
සාමාන්‍ය සිල්ලර මිලට වඩා රුපියල් 25 ක් අඩුවෙන් තමයි ඉන්ධන ලබාදෙන්නේ. අනිත් පැත්තෙන් අපි ජනන සැලැස්ම හදාගෙන තියෙන්නේ පුළුවන් තරම් ඩීසල් යොදාගන්නේ නැතුව විදුලිබලය ජනනය කරන්න. ඒ නිසා ඩීසල්වලින් විදුලිය ජනනය අවම කරගෙන තියෙන්නේ. මෙම වැඩිවීමෙන් විදුලි ජනන වියදමට විශාල බලපෑමක් ඇති කරන්නේ නෑ”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ යන්න. අල්ලේ පැල වෙන බොරු කියලා තව ඇගිල්ල ගහලා ලෙවකන්නත් එනවා...
වැඩ බැරි ගොබ්බ හැත්තකට රට බාර දීලා මිනිසුන්ට වහා කන්න වෙලා, ඔබලාට කරන්න පුළුවන් ඔච්චරයි...
වාහන ගෙන්වීම නතර කළොත් නරකද?
මේ පීඩනය ගන්න ඕනෑ කියලා ඡන්දය දීපු 68 ලක්ෂය, කරුණාකරලා පීඩනය ගන්න. ඒ සඳහා ඡන්දය නොදීපු අනික් අයට පීඩනය දෙන්න එපා.
වර්තමානයේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා හා පීඩාවන් පිළිබඳ සැබෑ අවබෝධයක් සහ සංවේදීත්වයක් පෙන්නුම් කරන ආකාරයෙන් ඇතැම් මහජන නියෝජිතයන් ජනතාව සමඟ සන්නිවේදනය කිරීමට අපොහොසත් වීම ඉතා කනගාටුදායක කරුණකි. ආර්ථික පීඩන, ජීවන වියදම්වල අඛණ්ඩ ඉහළ යාම සහ භාණ්ඩ හා සේවා මිල ගණන් අඛණ්ඩව වැඩිවීම හේතුවෙන් රටේ බොහෝ පවුල් තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමටත්, සාමාන්‍ය ජීවන මට්ටම පවත්වා ගැනීමටත් දැඩි අරගලයක නිරතව සිටිති. මෙවැනි පසුබිමක් තුළ, මෙම මිල වැඩිවීම්වල බර ජනතාව සමඟ “බෙදාගත යුතුය” යන අර්ථය ගෙන දෙන ප්‍රකාශ, සාමාන්‍ය ජනතාව මුහුණ දෙන යථාර්ථයන්ගෙන් වෙන්වූ හා ඔවුන්ගේ දුෂ්කරතා පිළිබඳ නිසි අවබෝධයකින් තොර ආකල්පයක් පිළිබිඹු කරයි. ජනතාවට සහනයක්, ප්‍රායෝගික විසඳුම් සහ කාර්යක්ෂම නායකත්වයක් ලබාදීම වෙනුවට, මෙවැනි ප්‍රකාශ මහජන අප්‍රසාදය සහ කනස්සල්ල තවදුරටත් වැඩි කිරීමට හේතු වේ. මෙරට ජනතාවට අවශ්‍ය වන්නේ තම ජනතාවගේ ගැටලු හා අභියෝග පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇති, දක්ෂ, සංවේදී සහ වගකීමෙන් යුත් නායකයන්ය. වත්මන් තත්ත්වය, රට පාලනය කිරීමේ හැකියාව, පළපුරුද්ද සහ මහජන යහපත වෙනුවෙන් කැපවීම ඇති පුද්ගලයන් තෝරා පත් කර ගැනීමේ වැදගත්කම නැවතත් අපට සිහිපත් කරයි.
රටක් හැටියට කල්පනා කරලා තමයි පීඩනයෙන් කොටසක් අපිටත් දීලා තියෙන්නේ. බාල ගල් අඟුරු දිගටම ගනිද්දී මොකක් හැටියටද දන්නේ නෑ කල්පනා කරේ. අපිත් ඡන්දෙ දුන්නේ මෙහෙම හිතන අයට කියලා මතක් වුනාම රටේ හිටින්නවත් හිතෙන්නේ නෑ.
හොංකොන් බැංකුවේ ලොකු මහත්තයෙක් කියල තිබුන ලෝකේ වැඩියෙන්ම ගණන් ගෙවල තෙල් ගත්තේ ලංකාව කියල. එතකොට ආණ්ඩුවේ ලොකු මහත්තුරු උඩ පැනගෙන කිව්වා ඒ බොරු කියල. දැන් ආණ්ඩුවම කියන තෙල් සහන මිලට තවත් දෙන්න බෑ ගගා. එතකොට තෙල් මිල අඩු වේගෙන යන කාලේ ගිණි ගණන් දීල තෙල් ගත්තේ අපිද?