
(රෝෂන් තුෂාර)
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගිය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවෙසේ සී සී ටී වී දර්ශන පටිගත වූ ඩී වී ආර් යන්ත්‍ර හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවැති බවත්, වසර දෙකකට පෙර කැමරා පද්ධතිය අලුත් කිරීමේදී තමන් එය පරික්ෂා කළ බවත් ජයසිංහ මුදියන්සේලාගේ හේමන්ත සමන් කුමාර කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් අද (26) පැවසීය.
අරවින්ද සිල්වා මහතාගේ නිවසේ සීසීටීවී කැමරා පද්ධතිය තමා සේවය කරන සමාගම මගින් ස්ථාපිත කර ඇති බවත් ,2024 වසරේදී කැමරා හතරක්ව පැවති කැමරා පද්ධතිය කැමරා පහක් දක්වා වැඩිකර නව මොනිටර් යන්ත්‍රයක්ද එක්කල බව ද එසේ අලුත් වැඩියා කරන අවස්ථාවේදී කැමරා පද්ධතියේ රෙකෝඩින් හොඳින් සිදුවන බවට නිවැසියන්ට දන්වා සිටි බවද වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසීය.
කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ පිහිටි හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවෙසේ කාමරයක ගෙල වැලලාගෙන සැක කටයුතු අන්දමින් මියගොස් සිටි බව කියන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය හමුවේ සාක්ෂි ලබාදෙමින් මෙම කරුණු ඉදිරිපත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත ලාල් මහතා සමග පෙනී සිටි එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතා ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් හේමන්ත සමන් කුමාර සාක්ෂිකරු මෙසේද පැවසීය.
අරවින්ද සිල්වා මහතාගේ නිවසේ සීසී ටීවී කැමරා පද්ධතිය සවිකලේ මම සේවය කරන ආයතනයෙන්. අපේ ඉංජිනියර් මට කතා කරලා කිව්වා සිල්වා මහතාගේ ගෙදර කැමරා පද්ධතිය සවි කරන්න ඕනා කියලා.2021 වසරේ අපි ඊට කැමරා හතරක් එක් කර කැමරා පද්ධතියක් සවිකලා.
2024 වසරේදී ඩී වී ආර් යන්ත්‍රයේ බීප් ශබ්දයක් එනවා කියලා අරවින්ද මහතා කම්ප්ලේන් කරලා තිබුණ නිසා ඒ ගැන පරීක්ෂා කරන්න මම නිවසට ගියා. අදාල යන්ත්‍රයට ගැරන්ටි තිබුන නිසා එය මිලදී ගත් කොල්ලුපිටිය ආයතනයට ගෙනල්ලා අලුත් යන්ත්‍රයක් මාරු කරලා නැවත සවිකලා. ඒ වෙලාවේ යන්ත්‍රයේ දර්ශන හොඳින් රෙකෝඩ් වෙන බවට මම නිවැසියන්ට පෙන්නුවා. ප්‍රසන්න කියලා කෙනෙක් තමයි ඒවා පරීක්ෂා කරලා බැලුවේ.
2024 වසරේදී තවත් අලුත් වැඩියාවක් කළා. එතෙක් තිබූ මොනිටර් යන්ත්‍රය වෙනුවට වෙනත් යන්ත්‍රයක් ඊට ආදේශ කළා.2024 වසරෙන් පසුව එම නිවසට කැමරා අලුත් වැඩියා කටයුතු සඳහා මම ගිහින් නෑ.
මියගිය කපිල චන්ද්‍රසේන මහතාට අධිකරණය මගින් නියම කළ රුපියල් ලක්ෂ සියයේ ශරීර ඇපයට අත්සන් කල පට්ටිය පදිංචි ඉන්දික මනෝජ් රත්නායක අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.
කපිල චන්ද්‍රසේන මහතාව මම අවුරුදු නමයක දහයක සිට දන්නවා. මම සොෆ්ලොජික් ආයතනයේ වැඩ කරන නිසා ඔහු මගේ පාරිභෝගිකයෙක්.
පොලිසිය:
චන්ද්‍රසේන මහතා බන්ධනාගාරගත වුණා කියලා දන්නවද?
සාක්ෂිකරු:
එයා බස් ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වුණා කියලා දැනගෙන හිටියා. ඔහු මට කතා කරලා ඇප තියන්න පුළුවන්ද කියලා ඇහුවා.
පොලිසිය:
එහෙම අසන ලද දිනය කවදද?
සාක්ෂිකරු:
දිනය මට නිශ්චිතවම කියන්න මතක නැහැ. ඇප තියන්න ග්‍රාම සේවා සහතිකය අවශ්‍යයි කියලා කිව්වා. ග්‍රාම සේවා සහිතව ලෑස්ති කර ගන්න කියලත් කිව්වා. එම නිසා මම ග්‍රාමසේවා සහතිකයක් අරගෙන සහතික කරගෙන තියාගෙන හිටියා.
පොලිසිය:
සාක්ෂිකරු ඒව අනුව ඇප තිබ්බද?
සාක්ෂිකරු:
චන්ද්‍රසේන මහතාට ඇප ලැබුණා කියලා නිව්ස් ඇලට් එකක් ආවා.
පොලිසිය:
ඒ කවදද?
සාක්ෂිකරු:
මැයි මස පස්වෙනිදා. මම ලෝයර් උදාර මහතාට දුරකථනයෙන් කතා කළා. උදාර මහතා කිව්වා උසාවියට එන්න කියලා. මම ජාතික හැඳුනුම්පතයි ග්‍රාම සේවා සහතිකයයි අරගෙන ගිහිල්ලා රුපියල් ලක්ෂ සීයේ ශරීර ඇපයට අත්සන් කළා. පසුව ගෙදර ආවා. දින දෙකකට පසුව ඒ කියන්නේ හත්වැනිදා අරවින්ද මහතා මට කතා කළා. ලෝයර් හම්බවෙන්න යන්න තියෙනවා එන්න කියලා කිව්ව. මම සවස හයයි තිහට විතර අරවින්ද මහත්තයලගේ ගෙදරට ගියා.
පොලිසිය:
ඒ වෙලාවේ ගෙදර කවුද හිටියේ?.
සාක්ෂිකරු:
මට එහෙම මතකයක් නැහැ. ගේට්ටුව අරින්න කවුරුහරි හිටිය.
පොලිසිය.
ඊට පසුව කොහෙටද ගියේ.
සාක්ෂිකරු:
ලොයර් මහත්තයා ගෙදර ගියා. ගෙදර කිව්වට ඒක ඔෆිස් එක.
පොලිසිය.:
කවුරු කවුරුද ගියේ?
සාක්ෂිකර:
අරවින්ද මහතා, මම ,අරවින්ද මහතාගේ නෝනා, පර්ඩි ,ශමිල් සහ ශාන්ත ගියා. නඩුව ගැන කතා කරලා ආපහු අරවින්ද මහත්තයලගේ ගෙදරට ආවා.
පොලිසිය:
ඒ වෙලාවේ කපිල චන්ද්‍රසේන මහතා අරවින්ද මහතාගේ ගෙදර හිටියද.?
සාක්ෂිකරු:
චන්ද්‍රසේන මහතා හිටියා. ලොයර් මහත්තයාගේ ගෙදර ගිය අපි ඔක්කොම කෑම කාලා. දහයාමාරට එකොළහට විතර ගෙදර ගියා. පසු දින අපිට චන්ද්‍රසේන මහතා මරණයට පත්වූ නිවුස්ඇලට් එක දැකලා මම අරවින්ද මහතාට කතා කළා. ඒ මහත්තයා කිව්වා දැන් කතා කරන්න විදියක් නෑ කියලා. පොලිසියේ ඉන්නවා පස්සේ කතා කරන්න කියලා කිව්වා.
මහේස්ත්‍රාත්වරයා:
කපිල චන්ද්‍රසේන මහතා ඔබගෙන් උදව්වක් ඉල්ලුවේ කවදද?
සාක්ෂිකරු:
පෙබරවාරි මාසෙ අග හෝ මාර්තු මාසෙ මුල
මහේස්ත්‍රාත්වරයා:
දුරකථනයෙන්ද කතා කලේ?හමු වෙලාද? කතා කළේ.
සාක්ෂිකරු:
දුරකථනයෙන් වෙන්නත් පුළුවන්. මට මතක විදිහට රිමාන්ඩ් වෙන්න කලින් තමයි උදව්ව ඉල්ලුවේ.
මහේස්ත්‍රාත්වරයා:
චන්ද්‍රසේන මහතා මියගිය දිනට පෙර සිල්වා මහතාගේ නිවසෙන් පිටවුණේ කීයට විතරද.
සාක්ෂිකරු:
රාත්‍රී 11 ට, එකොළහ මාර විතර වගේ තමයි මතක . කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සෙසු සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකුලරත්න හා නීතිඥ උදාර මුහන්දිරම් මහත්වරුන්ගේ සාක්ෂි විමසීම ලබන 29 දිනට කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු දෙකකට කලින් කොයිතරම් දේවල් හොඳට තිබුණද? අයිස් ජාවාරම, තරහ පාතාලෙට යුක්තිය වගේ ඒවා...
රාජපක්ෂලාට ගෑවුනොත් මිනිහෙකුට මැරෙන්න නිදහසක්වත් නෑ. මේ වගේ අජූත රැලක්...