
මිය ගිය එකම පවුලේ සිව් දෙනා(ඡායාරූපය-බිමල්ශ්‍යාමන් )

(කේ බුද්ධික කුමාරසිරි)
හයිලෙවල් මාර්ගයේ මීගොඩ බැද්දෙගෙදරමුල්ල මංසන්ධිය ආසන්නයේ වෙසක් පොහොය වෙනුවෙන් පවත්වාගෙන ගිය රොටි දන්සැලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ධාවනය වීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
අදාල අනතුර ඊයේ (31) දින මධ්‍යම රාත්‍රීයට ආසන්නයේදී සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ තවක් පුද්ගලයින් සිව් දෙනකු හෝමගම මූලික රෝහලට ඇතුලත් ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු පිලියන්දල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙකි.
මිය ගිය අයගේ දේහයන් හෝමගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය අද (01) දින සිදු කිරීමට නියමිත වේ.
අදාල අනතුරින් පසු පලා ගිය කැබ් රථය ගොඩගම ප්‍රදේශයේ මාර්ග බාධකයකදී අත් අඩංගුවට ගෙන සහ එහි රියදුරු මීගොඩ පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ඇත.
එම රියදුරු මත්පැන් පානය කර සිට ඇතැයි ද යන්න පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිත වේ.
අත් අඩංගුවට ගත් සැකකරු හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd