
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ සිරකරුවකු සමග දුරකතන සංවාදයේ යෙදුණු බව කියන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රවුමහාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
එම මන්ත්‍රීවරයා එම සිරකරු සමග දුරකථන සංවාද 53 ක් හා සම්බන්ධ වෙමින් කතාබස් කර ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඒ සම්බන්ධයෙන් කරුණු විමසා ප්‍රකාශ ලබාගෙන ඇත.
එම සැකකරු බරපතල ගණයේ අපරාධ සහ මිනිමරුම් චෝදනාා මත රඳවා සිටින්නෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරකරුවෝද සිරකරුවෝය.
සිරකරුවෝද සිරකරුවෝය.
මොනාද හලෝ මේ කරන දෙකයි පනහේ පාතාල සම්බන්ධතා වැඩ..? කොහොම ආණ්ඩුව පෙරලලා පාර්ලිමේන්තු ඇවිත් බාල වයස්කාර දැරියන් විවාහ කර ගැනීමේ නීතියක් සකස් කර ගන්න බලනවා... අන්න එහෙම, කාලෝචිත මෙන්ම ප්‍රායෝගික වැඩක් කලොත් නේ මේ රටේ බහුතරයේ ප්‍රසාදය හිමිවෙන්නේ...ලංකාවේ පුජකයෝ අතර මෙන්ම මාධ්‍ය වීරයෙක් වෙන්නත් පුළුවන්...
අනුරාධපුර පැත්තේ, සෙල්ලමට, පොල්ගෑමේ, සරුංගල් ඇරීමේ තරග දිනලා, රුපියල් වලින් වැහුවට ලෝකයේ, ඩොලර් එක ඉහල යාම රුපියල් වලින් වහන්න නම් බැහැ මහත්තයෝ..?කෝකටත්, වෙසක් එකට අටමස්තානේ වැඳපුදාගෙන කටින පින්කමක් කෙරුවොත් ඩොලරය යම් ප්‍රමාණයකින් නැග්ගා ගන්න පුළුවන් වෙයි...
Huh. ඔය තියෙන්නේ අපේ කෙහෙල්මල් දේශපාලුවන්ගේ ක්‍රමය. මුන් නෑකම් පවත්වාගෙන යන්නේ මිනීමරු අපරාධකාරයෝ එක්ක!
ෂා! මාර පාක්ෂිකයොනේ ඔබතුමාට ඉන්නේ?