බස්නාහිර, සබගරමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 වඩා වැඩි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති වේ. අකුණු මගින් සිදුවන අනතුරු වලක්වා ගැනීම සඳහා කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.