(සුජිත් හේවාජුලිගේ)

වසර ගණනාවක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

එම තනතුරට අදාල පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග පරිදි සකස් කර දැනටමත් සකස් කර ඇති අතර මැයි මස 15 වැනි දින රජයේ ගැසට් පත්‍රයේද පළ කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත 2026 යනුවෙන් හඳුන්වා දී ඇති මෙම පනත් කෙටුම්පතෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සම්පූර්ණයෙන්ම අහෝසි වී යනු ඇත.

නව පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය දැරීම අවසන් කරනු ලැබිය යුතු බවත් එම ධූරය දරන නිලධාරියා අදාළ සන්නද්ධ හමුදාවල ඔහු අයත් සේවයට අනයුක්ත කිරීම කළයුතු බවත් දැක්වේ.

එසේම මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සියලු චංචල සහ නිශ්චල දේපළ ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යංශයට පැවරීම කළ යුතු බවද පනත් කෙටුම්පතේ සදහන් වේ.

මෙරට යුද නාවික ගුවන් හමුදාපතිවරුන් ගණනාවක්ම මෙම තනතුරේ කටයුතු කර ඇත.