
(සුජිත් හේවාජුලිගේ)
රටේ අවදානම් සහගත තත්වයක් තිබෙන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය.
අධිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පසුගිය සිකුරාදා (13 වැනිදා) පැවැති මුදල් කාරක සභාවේදීය.
මුදල් කාරක සභාවේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් වර්තමානයේ යුදමය වාතාවරණයට අදාළව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී අධිපතිවරයා පවතින තත්ත්වය මත ඉන්ධන පාරිභෝජනය අවම කිරීමේ අවශ්‍යතාව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ දී පෙන්වා දී තිබෙන බවද සඳහන් කළේය.
ඉන්දීයඅගමැතිවරයා ඒ බව පෙන්වා දී ඇත්තේ ඩොලර් බිලියන 700ක සංචිතයක් තිබියදී බවද කීවේය
ලෝකයේ පවතින අවිනිශ්චිත තත්ත්වය දිගටම පැවතුණහොත් රට තවත් අවදානම් තැනට පත් විය හැකි බවද ඔහු කීවේය
දැනට පවතින වාතාවරණය අනුව ඉදිරි මාස තුන සම්බන්ධයෙන් පුරෝකථන කිරීම අපහසු බවකී අධිපතිවරයා සිදුවීම් ඉක්මනින් වෙනස් වෙමින් පැවතීම ඊට හේතුව බව ද පැවසුවේය
ඉන්දියාව දැනට ම රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමට යොමු කර තිබෙන බව කී කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා මෙවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය්‍යාංශය අවධානය යොමු කළ යුතුව ඇතැයිද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරෝකථන අනවශ්‍යයයි... අපි අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසන කට්ටිය...