
(මනෝප්‍රිය ගුණසේකර)
චීන ජාතිකයින් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධී ආකාරයෙන් ළඟතබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා පොලිසිය විසින්අත්අඩංගුවට ගන්නා ලදී.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත මුල්‍ය හා වාණීජ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රාජිත වර්ණප්‍රිය මහතා ඇතු`ථ කණ්ඩායමක් විසින් වේයන්ගොඩ ප්‍රදේශයේදී සැකකාර වැලිකඩ පොලිස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය කාලයේ රාජගිරි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුට අයත් විදේශ ගමන් බලපත්‍ර සැකකාර පොලිස්ථානාධිපතිවරයා බාරයට ගෙන ඇති බවත් එම විදේශ ගමන් බලපත්‍ර මුදා හැරීම සඳහා එක් පුද්ගලයකුගෙන් ලක්ෂ තුන බැගින් මුදල් ඉල්ලා ඇති බවත් සැකකාර පොලිස්ථානාධිපතිවරයා විසින් කාන්තාවක් මාර්ගයෙන් චීන ජාතිකයින්ගෙන් අදාළ මුදල ඉල්ලා ඇති බවත් සඳහන් වේ.
මේ සම්බන්ධයයෙන් අපරාධ හා රථවාහන දිහාව බාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට සහ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහත්වරුන්ට ලැබුණු තොරතුරු වලට අනුව එම කාර්යාංශයට අනුයුක්ත මුල්‍ය හා වාණීජ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රාජිත වර්ණප්‍රිය මහතා ඇතු`ථ කණ්ඩායමක් විසින් කළ විමර්ශනයක්ින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි, නීතිය සැමට සමානලු. පොලීසිය නීතිය නවන්නෑලු...
පොලිසියත් අල්ලස් ගන්නවා නම්, රටේ මහජනයාට දෙවියන්ගේම පිහිටයි...