
(කේ. බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (25) දින නියෝග කළේය.
ජාතික රණවිරු සේවා අධිකාරියේ සභාපති වන පහල වලව්වේ සෙනෙරත් බණ්ඩාර කොහොන විසින් තලංගම පොලිසියට සිදු කළ පැමිණිල්ලක් සිදු කරන විමර්ශණයකට අදාලව සැකකරු අත් අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළදාරියකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
අගෝස්තු මස 25 වැනි දින යළි නඩුව කැදවීමට නියමිත වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නොවැදගත් පුද්ගලයින් දේශපාලනයට පැමිණීමෙන් මේ රටේ ගෞරාන්විත දේශපාලනය, අශිෂ්ටත්වයට පත්වුනා...පාර්ලිමේන්තුව තුලත්, මුඛරි කම වෙනුවට, හැකර කටවල් ඉස්මතු උනා.. "කූඩල්ලව මෙට්ටේ උඩ තියන්න බැහැ" කියල කියන්නේ කට කහනවට නෙවෙයිනේ...දඩාවතේ යන සුනඛයින් මහා පාරට මිස, රජ ගෙදරට සුදුසු නැහැ... රජගෙදර කටු කාලා තර උනාම, සමාජ පිළලයක් වෙන තරමටම බුරනවා..