යළි වැස්සොත් කදුකරයට නැවතත් දැඩි අවදානමක්
දිට්වා කුණාටුව සමඟ පැවැති අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්රදේශවල පොළොවේ පහළ පස් තට්ටු ජලයෙන් සන්තෘප්ත වී ඇති බැවින් දැනටම බොහෝ ස්ථානවල පොළොවෙහි ඉරිතැලීම් ඇතිවන නිසාත් ඉදිරි දින කිහිපයේ තද වැසී ඇති වුවහොත් නැවතත් දැඩි අවධානමක් මතුවිය හැකි බැවින් කඳුකරයේ අවධානම් කලාපවල ජීවත්වන පිරිස් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.