(ටී.කේ.ජී.කපිල )

" ඒහිපස්සිකෝ "  ලෝක සාමය සදහා ඇවිදින්න නැමති සාම පා ගමන සදහා  මෙරටට වැඩම කර  සිටි ,  වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලා ද "ආලෝකා " නැමති සුනඛයා ද , තවත් ගිහි පිරිසක් ද අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .

මෙම භික්ෂුන් වහන්සේලා පිරිස අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර ඔවුන් වෙත සංග්‍රහ සත්කාර කිරීමෙන් පසු , ගුවන් තොටුපොළ විවිධ අංශ වල සේවයේ නිරත සේවක - සේවිකාවන් පැමිණ , නමස්කාර කිරීම ද සිදු කළහ .

" ආලෝකා " සුනඛයා වෙනුවෙන් පශු වෛද්‍යවරුන් , ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීවරුන් සහ ගුවන් හමුදා නිලධාරීන් ද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරමින් සිටියහ .