
(රොමේෂ් මධුෂංඛ)
කාන්තාවකට පිස්තොලයක් පෙන්වා තර්ජනය කළැයි කියන සිද්ධියකට පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා සැකපිට අද (27 ) දින යාපනය ඉලවාලෙයි ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඉලවාලෙයි පොලීසිය කියයි.
ඉලවාලෙයි පෙරියවිලාන් ප්රදේශයේදී පසුගිය 25 වැනි දා සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අර්චුනා මන්ත්රීවරයා බහින්බස්වීමක් දුරදිග යාමෙන් මන්ත්රීවරයා පිස්තොලයක් පෙන්වා අදාල කාන්තාවට තර්ජනය කිරීමේ ඡායාරූප සහ වීඩියෝ පට සමාජජාලා වල පරිසීලනය විය.
කෙසේ වෙතත් අදාල කාන්තාව හා ඥාතීන් විසින් මන්ත්රීවරයා පිස්තෝලයක් ගෙන තමන්ට තර්ජනය කොට බියවැද්දුවේ යැයි පවසමින් ඉලවාලෙයි පොලීසියේදී සිදුකොට ඇති පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් මන්ත්රීවරයාට පොලීසියට පැමිණෙන ලෙසට දුන්ම දී තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd