
(අංජුල මහික වීරරත්න)
ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපි ඉදිරිපත් කරමින් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.
අද (17) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගල්අඟුරු ආනයනයේදී හා ඒ ආශ්රිත විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා සහ නීතිවිරෝධී ක්‍රියා සිදු වී ඇත්ද යන්න විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලද අතර බලශක්ති අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී ඇත්තේ එම කොමිසමේ අපක්ෂපාතී හා ස්වාධීන ක්‍රියාවලියට සහය පළ කිරීමක් ලෙසය.
ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කර ඇත්තේ ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ගත් තීන්දුවත්, 2009 වසරේ සිට ගල්අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් මගින් ජනාධිපතිවරයා වෙත ඇති දූෂණයට එරෙහි සහ ජන වරමට කැපවුණු නිර්භීත අධිෂ්ඨානය තමන් අගය කරන බවය. ඒ අනුව ඉදිරියේදී සිදු කිරීමට නියමිත විමර්ශන කටයුතු ඉතා ස්වාධීනව සහ කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සිදුවිය යුතු බවට තමන් විශ්වාස කරන බවත් විමර්ශනය සිදු වන අතරතුර තමා එම තනතුරේ රැඳී සිටීම පවා ඊට බාධාවක් වනු ඇත යන ස්ථාවරය මත පිහිටා අද (17) දින සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා තම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත විමර්ශනවලට අවහිරයක් නොවීම සහ විමර්ශනවල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ඊට පහසුකම් සැලසෙන පරිදි තමන් දරන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම යෝග්‍ය බවට තමන් විශ්වාස කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ ඉල්ලා අස්වීම හොදයි, දැන් ජනාධිපති කොමිසමට බලපැම් කළා කියලා බොරු චෝදනා කරන්න බැහැ... මීට පෙර රජයන් මෙවැනි දේවල් කරනවා අපි දැක්කේ නැහැ. ඔවුන් කලේ හොරු ආරක්ෂා කිරීම, කොහේද කෙහෙලිය බාල බෙහෙත් ගෙනාවාට විරුද්ධව ගෙනා විශ්වාශ භංගයට හොරු රැල විරුද්ධව ඡන්දය දුන් විදිහ....
දැන් සුන්බුන් විපක්ෂය මොනවා කියයිද බලමු...
අන්න එහෙම තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිගේ වැඩ. කාටත් එක සමානව සැලකීම...
ඉස්සර ආණ්ඩු ඔක්කොම කරේ නැත්තේ ඒගොල්ලෝ හොරකම් කළේ නැති නිසයි...
නම්බුකාර ක්‍රියාවක්. දැන් 2009 ඉඳන් කරපු කියපු දේවල් මොනවාද ඒවාට සම්බන්ධ වුණු අය කවුද ප්‍රතිඵල නිකුත් වුණාම මොනවද කරන්නේ කියලා බලාගෙන ඉමු ඉතින්...
මම විශ්වාස කරනවා අපේක්ෂපාතී සාධාරණ විමර්ශනයක් පවත්වාවි කියලත්, වැරැදි කරුවන්ට නිසි දඬුවම් ලැබේවි කියලත්...
මාලිමාව හරි මෝඩයි. මේක කරන්න තිබ්බේ කළින්මයි. විශ්වාස භංගය ඔක්කොම පරද්දලා... හෘද සාක්ෂියක් නැති බව මුළු ලෝකෙටම කියලා අන්තිමට පිස්සු කරනවා.
හොද ආදර්ශයක්... කලින් ආණ්ඩුවල අය මොන වැරැදි කළත් කවදාවත් අයින් වුනේ නෑ... ජනතාව එලෙව්වා ඒත් එළියට ගිහිල්ලා...
අම්මෝ මෙන්න පොරක් මේ මිනිස්සු මෙහෙම හරි ඉල්ලා අස්වෙනවා. ඒ කාලේ කවුද ඉල්ලලා අස්වුනේ...? මේ ආණ්ඩුව දැනගන්න ඕනේ ලංකා කෝල් උන්ගේ පරණ පටිකිරියත්... පරණ කටු කාපු එක්ක එකතු වෙලා ගහන ගේමක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා..
දැන් ඩෝබිලා මොනවද කියන්නේ...?
මේ ඉල්ලා අස්වීමත් යටි ගේමත්... අන්තිමට බඩුත් හාමුදුරුවන්ගේ... නඩුත් හාමුදුරුවන්ගේ...
විලි ලැජ්ජයි කුමාර...