
ලොවටම සාමය පතා වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ 13 දෙනා සහාභාගීත්වයෙන් සිදුකරන "ඒහිපස්සිකෝ" සාම පාද යාත්රාව පස්වන දිනය වන අද දින සාම පා ගමන තෝලංගමුව ජාතික පාසලෙන් ආරම්භ වි යක්කල අබේසේකරාරාමය දක්වා වැඩම කරති.
සාම පාගමනේ සිවුවන දිනය වූ ඊයේ දින පා ගමනේ යෙදෙන භික්ෂූන්වහන්සේලා තෝලංගමුව ජාතික පාසල වෙත වැඩම කළහ.
තෝලංගමුවේ ජාතික පාසලෙන් ආරම්භ වන පා ගමන කජුගම, නිට්ටඹුව හරහා අද යක්කලට සැපත්වේ. හෙට දින ආරම්භ වන පා ගමන කැලණිය රාජමහා විහාරයට වැඩම කරවන අතර එහිදී විශ්ව විද්යාල සිසුන් සහ දහම්පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ස්වාමීන් වහන්සේලා සාමය වෙනුවෙන් පා ගමන් යනවා... මේ රටේ කණගාටුයි කියන්න දැන් සංඝ රත්නයක් නැහැ ඉන්නේ..
සාම පා ගමනක යෙදුනු ගව්රවණීය ස්වාමින් වහන්සේලාට අපගේ ප්රණාමය පුදකරනවා. ඔබ සැම දැකුමෙන් අප පින්කළ බව දැනුනි...
මේ සාම පා ගමනේ අරමුණ නිහඩතාවයයි. පාගමනේ යන ස්වාමීන් වහන්සේලාට මල් කිනිති දීම සහ පොළව බදාගෙන වැදවැටීම අත දරුවන් පාරේ නිදිකරවා ආශිර්වාද පැතීම ආදී ක්රමවලින් පා ගමනට බධා කරනු දැකිය හැකිවිය. ඒවා කිසිසේත්ම නොකළයුතු ඒවායි. මිනිසුන් මහමග පේලි සෑදී පා ගමනට බාධා නොවන සේ ඉතා දුර සිට බැලුවා නම් පාගමන මීට වඩා අසිරිමත්වනු ඇත. නමුත් ඒ දෙය සිදු නොවීම කණගාටුවට කරුණකි...