( මනෝප්‍රිය ගුණසේකර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත්    හිටපු අමාත්‍ය  පියසේන ගමගේ  ඇප මතු මුදා හරියේය.

කොම්ෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදු කරනු ලබන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත බඳවා ගැනීමේ පටිපාටියට පරිභාහිරව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස බලතල අයුතු ලෙස භාවිතා කරමින් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් සුළු සේවකයන් 134 කු බඳවා ගැනීමෙන් දූෂණය නැමැති වරද සිදුකිරීම හා විනය නියෝග මත ස්ථාන මාරුවීම කර තිබූ යාපනය තාක්ෂණය විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයකුගේ ස්ථාන මාරුවීම අවස්ථා කිහිපයකදීම කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට බලපෑම්කර අවලංගු කරවීමට කටයුතු කිරීම තුළින් උක්ත අධ්‍යක්ෂකවරයාට වාසියක් සිදු කිරීම යන චෝදනාව මත සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.