අලිවැට නිලධාරිනගේ අමුතු සේවයක් බකමූණ සහ කළුන්දෑව ප්‍රදේශයේ අලි වැට රාජකාරියේ යෙදී සිටි වන ජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත සේවකයන් එකොළොස් දෙනකු හිතවත් කාන්තාවකගේ ගෙවත්තක් පිරිසිදු කිරීම සඳහා යොදා ගත් වනජීවී අඩවි සහකාරවරයකු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි. 07 March 2026
බලශක්ති ඇමැතිට අල්ලසෙන් නඩු වසර 10කට පෙර රජයට රුපියල් ලක්ෂ 88 1/2ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත. 07 March 2026
ලංවීම ඈවරයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 06 March 2026
ඉරාන නැව ලක් රජය භාරයට: ජනපතිගේ හදිසි මාධ්‍ය හමුව මෙන්න ශ්‍රී ලංකා භූමිය, මුහුදු කලාපය මෙන්ම ගුවන් කලාපයන් කිසිසේත්ම රාජ්‍යයන් අතර ගැටුමකදී පක්ෂපාතී ආකාරයට හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් යොදා ගැනීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (5) රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය. 06 March 2026
ගල් අඟුරු පාඩුව කෝටි 848 යි මතභේදාත්මක ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 848 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට බාරදී ඇති වාර්තාවේ සඳහන්වේ. 05 March 2026
‘‘ඉරාන නැවේ සිටි 80කගේ පමණ සිරුරු හමුවෙලා‘‘ ඉන්දියාවේ විශාකාපට්නම් වරායේ සිට ඉරානය බලා යාත්‍රාකරමින් තිබූ ඉරාණයේ ‘‘අයිරිස් ඩේනා‘‘ නෞකාවේ අනතුර සිදුවන විට එහි 180 දෙනකු එහි සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 March 2026
ඉරාන නැවේ ජීවිත බේරා ගත්තා ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් අනතුරට පත් වූ අනතුරට පත්වූ ඉරාන නැවේ සිටි අයගේ ජීවිත බේරා ගැනීමට ලංකාව මැදිහත් වූ බවවිදේශ අමාත්‍යය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 March 2026
ගුවන් ගමන් වාර 205ක් අද අවලංගු කෙරේ මැදපෙරදිග ඇති වී ඇති යුදමය වාතාවරණය සමග කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් ගමන් 107 ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග බලා පිටත්ව යන ගුවන් ගමන් 98 ක් වශයෙන් , ගුවන් ගමන් වාර 205 ක් අද දින අවලංගු කිරීමට එම කළාපයේ සිවිල් ගුවන් සේවා අධිකාරි සහ ගුවන් සමාගම් පියවර ගෙන ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය . 03 March 2026
’’සාමකාමී ලෝකයක් වෙනුවෙන් එකතු වන්න’’ සාමකාමී ලෝකයක් වෙනුවෙන් එකතු වන්නැයි යුද්ධයට මැදිහත් වී සිටින සියලු පාර්ශවවලට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 03 March 2026
තෙල් ගෑස් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවා කරයි ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 02 March 2026
ඉරානයට ගහන්න UK කඳවුරු භාවිත කිරීමට අවසර ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කරන ස්ථානවලට පහරදීමට සිය කඳවුරු භාවිත කිරීමට අවසර ලබාදෙන ලෙස ඇමෙරිකාව කළ ඉල්ලීමට අනුමැතිය ලබාදීමට එක්සත් රාජධානිය තීරණය කළ බව අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ප්‍රකාශ කළේය. 02 March 2026
කමේනි වෙනුවට අලිරේසා අරෆි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු උත්තරීතර නායකයා ලෙස එම ධුරයට අයතුල්ලා අලිරේසා අරෆි පත් ඛල බව වාර්තා වේ. 01 March 2026
ඉරානයෙන් දරුණු ප්‍රහාරයක් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණයත් සමග ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අද මැද පෙරදිග කලාපයේ රටවල් නවයක පිහිටි ඇමෙරිකා හමුදා කඳවුරු 27 කට, ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදා මූලස්ථානය සහ ටෙල් නොෆ් ගුවන් හමුදා කඳවුරුට හයවැනි වරටත් දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කළේය. 01 March 2026
ඉරාන නායකයා මියගිය බව තහවුරුයි ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී ජීවිතක්ෂයට පත්වුණු බව ඉරාන ජාතික රූපවාහිනිය මීට සුළු මොහොතකට පෙර පැවැසීය. කමේනි මියගොස් ඇත්තේ, ඇමෙරිකන් සහ ඊශ්රාවල හමුදා කමේනිගේ නිවසට පමණක් එල්ල කළ මිසයිල ප්‍රහාර 30 කිනි. 01 March 2026
අලි කමේනි මරා දැම්මා - ට්‍රම්ප් ඉරානයට එල්ල කළ ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාරවලින්, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මරා දැමීමට හැකිවුණු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 01 March 2026
එකිනෙකට නොදෙවැනි මෙහෙයුම් තුනක් මේවනවිට මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ මැදපෙරදිග කලාපයටය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක් වී, ඉරානයේ මර්මස්ථාන ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත. 28 February 2026
ගල්අඟුරු හදිසි මිලදී ගැනීමටක කැබිනට් අනුමැතිය හදිසි මිලදී ගැනීම් යටතේ ගල් අඟුරැ ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවත් ඒ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා ඇති බවත් ලංකා ගල් අඟුරු සමාගම අද ප්‍රකාශ කළේය. 28 February 2026
එතෙර සැඟව සිටින පාතාලයේ 89කට රතු නිවේදන විදේශගතව සැඟව සිටින සංවිධානාත්මකමක අපරාධකරුවන් 89 දෙනකුට ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 27 February 2026
ඇල්පිටියේ පාසලක සිසුහු 16 ක් හදිසියේ රෝගී වෙති ඇල්පිටියේ පෞද්ගලික පාසලක සිසුන් රැසක් අසාත්මිකතාවයකට ලක්වී අද(26) ඇල්පිටිය රෝහලට ඇතුලත් කළ බව ඇල්පිටිය පොලීසිය කියයි. 26 February 2026
මල් කැකුළක් වෑන් රියට බිලි කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී සුදු ඉර සහිත පදික මාරුවේදී වෑන් රථයක ගැටුණු නව හැවිරිදි දැරියක අනතුරින් දින හතරකට පසු මියගිය බව පදවිය පොලිසිය කියයි. 25 February 2026
පිරමිඩ ජාවාරම් කළ චීන්නු 16 අත්අඩංගුවට වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිට අන්තර්ජාලය (පිරමීඩ) හරහා නීති විරෝධී අයුරින් මුදල් වංචාවේ යෙදුණු චීන ජාතිකයන් 16 දෙනකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි. 24 February 2026
නීතිඥයා සහ බිරිය ඝාතනයට දහයක් සැකපිට තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 23 February 2026
සුපිරි නෞකාවක් ත්‍රි‘මලයට විවිධ රටවල්වල සංචාරය කරමින් සංචාරකයන් 550 දෙනෙක් රැගත් ’’ M.V.Crystal Symphory ’’ නැමති නෞකාව අද (23) ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල අෂ්රොප් ජැටියට සේන්දු වූහ. 23 February 2026
නීතිඥයා සහ බිරියගේ වෙඩික්කරු අල්ලයි තලංගම අකුරේගොඩ සුපිරි වෙළඳ සලක් අසළදි නිතිඥවරයකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කරන ලද වෙඩික්කරු ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව හෝමාගම කොට්ඨාශ අපරධ විමර්ශණ අංශය කියයි. 22 February 2026
රිමාන්ඩ් වෙනුවට නිවාස අඩස්සිය එයි බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන පරිදි නව පනතක් ගෙන එන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. ඉලෙක්ට්‍රොනික අධීක්ෂණය හරහා එම දඬුවම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය. 19 February 2026
විශ්‍රාම දිවිය ගත කරන්න ලොව හොඳම රට ශ්‍රී ලංකාව විශ්‍රාම දිවිය ගතකිරීමට ලොව හොඳම රට ශ්‍රී ලංකාව බවත් මසකට ඇමෙරිකානු ඩොලර් 1000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ තුනක් පමණ) මුදලක් වියදම් කිරීමට හැකියාව ඇත්නම් මෙරටදී විශ්‍රාම යුවළකට සුඛෝපභෝගී ජීවිතයක් ගතකළ හැකි බවත් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පදනම් කරගත් ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව පසුගියදා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේ දැක්වේ. 19 February 2026
පල්ලෙමලල දී බස් දෙකක් ගැටී 25ක් රෝහලට හම්බන්තොට - මාතර ප්‍රධාන මාර්ගයේ පල්ලෙමලල ප්‍රදේශයේදී අද දහවල් 01 ට පමණ බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වෙළෙඳ සලක තාප්පයක කොටසක් කඩාගෙන ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 25 දෙනකු පමණ තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි . 18 February 2026
ජනපති ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත හමු වෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact 2026 සමුළුව සඳහා සහභාගී වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුවට සමගාමීව අද (18), හෙට (19) සහ අනිද්දා (20) දිනයන්හිදී හමු වීම් රැසකට එක් වීමට නියමිතය. 18 February 2026
මන්ත්‍රී විශ්‍රාම වැටුප අදින් අවසන් පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට කතානායක ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය. 17 February 2026
රංගන ශිල්පියා කොකේන් එක්ක මාට්ටු පිළියන්දල ප්‍රදේශයේ බෝඩිම් කාමරයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් දහයක් ගන්ජා මිශ්‍ර චිප්ස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් දෙසිය පනස් පහක් සමග ජනප්‍රිය ටෙලි නාට්‍යය රංගන ශිල්පියකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. 17 February 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026