(සුජිත් හේවාජුලිගේ )
මෙම වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන ජුනි මස 30 වැනිදාට පෙර බාර දෙන ලෙස අල්ලස් කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත.
වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිය යුත්තේ ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ පමණක් බවද කොමිසම සඳහන් කරයි. ජුනි මස අවසාන දිනවල පද්ධතියට එකවර විශාල පිරිසක් පිවිසීමෙන් යාලයේ තදබදයක් ඇති විය හැකි බව එළි නිලධාරීහු පවසති.
ජුනි මස 30 වෙනිදායින් පසු වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන පුද්ගලයන්ට අධිභාරයකට යටත් වීමට සිදුවන බව එහි නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙලින්ම වැඩ තහනම් කරන්න...
මට මේ ගැන දැනුමක් නෑ. ඇත්තටම ඔය දෙන වත්කම් ගැන හොයලා බලනවාද? මං කවදාවත් අහලා නෑ. කව්රු හරි හිරේ දානවා වත්කම් වැරැදියට දීලා...
රජයේ සේවකයන් විසින් ඉදිරිපත් කරන වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙන් වැදගත් කරුණක් වන්නේ, දැනුවත්වම අසත්‍ය, නොමඟ යවන හෝ කොටසක් සඟවා ඇති තොරතුරු ඉදිරිපත් කරන ඕනෑම නිලධාරියෙකු ඔහු හෝ ඇය දරණ තනතුරෙන් වහාම ඉවත් කළ යුතු වීමයි. එමෙන්ම, එවැනි අක්රමික ක්‍රියාවන් හේතුවෙන් ඔහුගේ හෝ ඇයගේ විශ්‍රාම වැටුප් හෝ අනෙකුත් විශ්‍රාම ප්‍රතිලාභද අවලංගු කළ යුතුය. මෙම ක්‍රියාමාර්ග දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම මඟින් වත්කම් ප්‍රකාශවල විනිවිදභාවය, වගකීම්භාවය සහ අවංකභාවය තහවුරු කිරීමට උපකාරී වන අතර, එමඟින් රාජ්‍ය සේවා ආයතන පිළිබඳ මහජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරනු ඇත.