මහින්දානන්දට 20යි - නලින්ට 25යි: දෙන්නම හිරේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද නියම කළේය. 29 May 2025
තර්ක විතර්ක මැද දේශබන්දු කමිටුව උණුසුම් වෙයි පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කරන ත්‍රිපුද්ගල කමිටුව දෙපාර්ශවයේ නීතිඥයන් අතර ඇති වූ තර්ක විතර්ක හේතුවෙන් යම් යම් අවස්ථාවල ඊයේ (28) උණුසුම් මුහුණුවරක් ගත්තේය. 29 May 2025
මත් ජාවාරම්කරුවෙක්ගේ කෝටි 10ක දේපොළ තහනම් කරයි නීති විරෝධී ආකාරයෙන් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් උපයා ගත්තේ යැයි කියන ඇඹිලිපිටියේ ජයසිංහ ආරච්චිගේ හේමන්ත යන සැකකරුගේ රුපියල් කෝටි 10කට අධික දේපල තහනම් කිරීමට රහස් පොලීසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද(28) කටයුතු කර ඇත. 28 May 2025
වෛද්‍ය කාර්මික- භෞත චිකිත්සක බඳවා ගැනීම නවත්වයි සෞඛ්‍ය අමාත්‍යාංශයට සම සෞඛ්‍ය උපාධිධාරින් අතරින් වෛද්‍ය කාර්මික ශිල්පීන් සහ භෞතික චිකිත්සකයන් බඳවා ගැනීමට නියමිතව පත්වීම් ලබා දීමේ තීරණය නවතාලමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය. 27 May 2025
’’ගිණුමේ මුදල් ඇද්දේ කෙහෙළියගේ දුව’’ තමාගේ ගිණුමට ලැබුණු සියලු මුදල් ලබා ගත්තේ හිටපු අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාළි රඹුක්වැල්ල මහත්මිය විසින් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ප්‍රකාශ කළ බව අල්ලස් කොමිෂම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනුජා ලක්මාලි මහත්මියට අද (26) දැනුම් දුන්නේය. 26 May 2025
හෙළයේ නිළි රැජිණ දැයට සමු දෙයි සමුගත් නිළි රැජිණගෙන් හිස්වූ අසුන සිරිලක සිනමා ක්ෂේත්රයේ සදාකාලික හිස්තැනක් වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍යය උත්සවයට ශෝක පණිවිඩයක් එවමින් අද (26) පැවසීය. 26 May 2025
මහින්දානන්දට ඇප චීනයෙන් ආනයනය කරන ලද ව්‍යාධි ජනක බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැව සඳහා ශාක නිරෝධායන පරිසර තත්ත්ව වාර්තාව ලැබීමට දින දහයකට පෙර ණයවර ලිපි නිකුත් කිරීමට බල කරමින් රජයට රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිතය බන්ධනාගාර ගතව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය . 26 May 2025
දුම්රිය ප්‍රමාදයෙන් මගීහූ අපහසුතාවට ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 15 කට ආසන්න සංඛ්‍යාවක් දුම්රිය රියදුරු හිඟය හේතුවෙන් අද (26) පෙරවරුවේ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 May 2025
සමගියේ හයකට සංවිධායක කම් එපා වේ පක්ෂ නායකත්වය හා ඉහළ තනතුරු දරන නිලධාරීන්ගේ අකටයුතුකම් හේතුවෙන් සමගි ජනබලවේගය පක්ෂයේ ආසන සංවිධායකවරුන් පස් දෙනකු එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත භාරදී ඇතැයි එම පක්ෂ අභ්‍යාන්තර කටයුතු ආරංචි මාර්ග කියයි. 25 May 2025
හිටපු ඇමැති දුමින්ද රිමාන්ඩ් වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් රන් පැහැති ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 29 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාර මහතා අද (24) නියෝග කළේය. 24 May 2025
දිනකට ලක්ෂ 40ක අල්ලස් ගත් RMV ලොක්කෝ තුනක් රිමාන්ඩ් අප්‍රමාදීව වාහන ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු කරදීම වෙනුවෙන් මුල්‍ය ආයතන ඇතුළු මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට පැමිණී ජනතාවගෙන් එක් දිනක් තුළ අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ඉල්ලා ලබාගත් බව කියමින් අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙකු ලබන මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද 23 May 2025
RMV ලොක්කෝ තුනක් දිනකට ලක්ෂ 40ක අල්ලස් අරන් අප්‍රමාදීව වාහන ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු කරදීම වෙනුවෙන් මුල්‍ය ආයතන ඇතුළු මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට පැමිණී ජනතාවගෙන් එක් දිනක් තුළ අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ඉල්ලා ලබාගත් බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනකු අල්ලස් කොමිසම අද අත්අඩංගුවට ගත්තේය. 23 May 2025
රන් පැහැති ගිනි අවියට දුමින්ද අත්අඩංගුවට හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී පොලිස් භාරයට ගත් ටී56 ගිනිඅවිය සම්බන්ධ සිද්ධියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 23 May 2025
අනුරපුරේ අනුදි රූ රැජින අවසන් වටයට ඉන්දියාවේ පැවැත්වෙන 2025 ලෝක රූ රැජින කිරුළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර, එම තරගාවලියේ ප්‍රධානතම අභියෝගය ලෙස සැලෙකන ’හෙඩ් ටු හෙඩ්’ වටයට සහභාගී වෙමින්, ඇය කවුරුන්දැයි ලොවට හදුන්වා දුන්නාය. 22 May 2025
විගණකාධිපති තනතුරට ජනාධිපති දුන් නම විසිවේ විගණකාධිපති තනතුරට ජනාධිපති අනුර කුමාර දීසානායක මහතා විසින් යෝජනා කෙරුණු නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (21) ප්‍රතික්ෂේප කර ඇත 22 May 2025
මැතිසබේ සේවක කෑම බිල තුන් ගුණයකින් නග්ගයි පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර ඇත. 22 May 2025
කෙහෙළියගේ පුත් රමිත් රිමාන්ඩ් හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුද්ගලික ලේකම්ව සිටි ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ලබන 03 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය. 21 May 2025
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි. 21 May 2025
නුවර වැව රක්ෂිතයේ හෝටල් - පිහිනුම් තටාක හදලා දේශපාලඥයන් ඔවුන්ගේ හෙංචයියන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් 712ක් අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ ඉඩම් අත්පත් කරගෙන ගෙවල්,හෝටල් සහ පිහිනුම් තටාක ඉදිකර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. 20 May 2025
හිටපු ජනාධිපති මහින්ද රණවිරුවන්ට උපහාර දක්වයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට සමුදාගැනීමේ යුද ජයග්‍රහණයේ 16 වැනි සමරුව වෙනුවෙන් පාර්ලිමේන්තුව අසළ පිහිටි රණවිරු ස්මාරකායට අද (20) පෙරවරුවේ උපහාර දැක්වූහ. 20 May 2025
යුද විරුවන්ට ජනපති උපහාරය යුද්ධය ආශ්වාදයක් කරගෙන, යුද්ධයෙන් බලය ලබාගෙන එය ආරක්ෂා කර ගැනීම සඳහා මේ රට මහා ලේ ගංගාවක් බවට පත් කර එහි පීනමින් විඳින ආශ්වාදය හා සතුට ජනතාවට හෙළි කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 19 May 2025
විදුලි බිල වැඩි වන හැටි විදුලි ගාස්තුව සියයට 18.3 කින් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව කටයුතු කරන බවත් එම යෝජනාව පිළිබඳව අවසන් තීරණය ජූනි මස පළමු සතියේ ප්‍රකාශ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 18 May 2025
ලුණු මෙට්‍රික් ටොන් 15,000 වැස්සට දියවෙයි නෙළිමට තිබු මෙට්‍රික් ටොන් පහළොස් දහසකට අධික ලුණු අස්වැන්න හදිසියෙ ඇද හැලුණ මහ වැසි සමඟ දිය වි ගිය බව පුත්තලම ලුණු වගාකරුවෝ පවසති. 18 May 2025
හිටපු ජනපති අධ්යක්ෂ තුසිත හල්ඔලුව ගමන් ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. 17 May 2025
පුරපති සටනෙන් කොළඹ ගිනියම් වෙයි මෙරට තීරණාත්මක පළාත් පාලන ආයතනයක් ලෙස සැලකෙන කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ සිය උපරිම ශක්තිය පාවිච්චි කිරීම හේතුවෙන් එම සටන දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තාවේ. 17 May 2025
මහින්දානන්දට වරෙන්තු ව්‍යාධි ජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි කියන විමර්ශන විභාගය සඳහා අල්ලස් කොමිසමේ පෙනී නොසිටි හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (16) වරෙන්තු නිකුත් කළාය. 16 May 2025
රිලා සංගණනයට මාස දෙකයි-වාර්තාව හැංගිලා මෙරට භෝග වලට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනය සිදු කොට දෙමසක් පිරුණත් එහි කිසිදු සංගණන වාර්තාවක් මේ වනතෙක් පිටවී නැත. 16 May 2025
ලක්ෂ්මන් යාපාට-ආයෝජන මණ්ඩල හිටපු සභාපතිට අධි චෝදනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සුභපැතුම් එක්කර ශ්‍රී ලංකාවේ පුවත්පත්වල දැන්වීම් පළ කරමින් රජයට පාඩුවක් කළේ යැයි කියන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති ජේ ඉදිරිසිංහ, හිටපු අමාත්‍යය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට යන අයට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා ගොනු කළේය. 16 May 2025
ටිරාන් - දේශබන්දු ගැන පොලිසියෙන් විමර්ශනයක් කොළඹ මහා අධිකරණ භූමියේදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා විසින් හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 15 May 2025
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026