
(කේ. බුද්ධික කුමාරසිරි)
නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී නවීනතම රථ ඇතුළු රථ වාහන 20 ක් සමගින් සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය පවසයි.
මෙලෙස නීත්‍යනුකූල නොවන අයුරින් එකලස් කරන ලද රථ වාහන සංවිධානාත්මක අපරාධ සදහා යොදා ගෙන ඇති බවටත් අදාල රථ වාහන නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කිරීමට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ලැබී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද එම කොට්ඨාශය පවසයි.
බස්නාහිර පලාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ධර්මරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වැඩසටහනකට අනුව මෙම සැකකරුවන් සහ රථ වාහන අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත, ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.
සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත කොළඹ සහ තදාසන්න නගරවල කඩවත, මීගහවත්ත සහ මොනරාගල ප්‍රදේශවල තිබූ මෙම එකලස් කරන ලද රථ වාහන සොයාගෙන අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
මෙලෙස අත් අඩංගුවට ගත් එකලස් කරන ලද රථ වාහන අතර සුඛෝපභෝගී මෝටර් රථ , ජීප් රථ, වෑන්, ලොරි සහ යතුරුපැදි අයත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd