
(මනෝප්රිය ගුණසේකර)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ තමා රඳවාගෙන ප්‍රශ්න කිරීම වළකාලන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.
තමා රඳවාගෙන ප්‍රශ්න කිරීම වළකාලන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිය නීතීඥවරු මාර්ගයෙන් සුරේෂ් සලේ මහතා අදාළ රිට් පෙත්සම ගොනු කර ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහත්වරු සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානීයා වශයෙන් කටයුතු කර විශ්‍රාම ගොස් සිටින යුද හමුදා මේජර් ජෙනරාල්වරයකු වන තමා පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත හැක්කේ රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය බිඳ හෙළීමේ ක්‍රියාවල නිරත වන පාර්ශවයන්ට සහ නීත්‍යානුකූලව පත් වූ ආණ්ඩු පෙරළා දැමීමට ඍජුව හෝ වක්‍රව දායකත්වය දැක්වූ පුද්ගලයින්ට එරෙහිව පමණක් බවත් සඳහන් කරන සලේ මහතා එවැනි චෝදනා නැති තමා මෙම සිද්ධියට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇති බවද සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් නියම වැඩක්. දැන් හැමෝටම පුළුවන් අත්අඩංගුවට ගත්ත ගමන් ප්‍රශ්න කරන්න එපා කියලා නියෝග ඉල්ලන්න.