(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මැදපෙරදිග අර්බුදය හේතුවෙන් බලපෑමට ලක්විය හැකි කාණ්ඩ සඳහා වි‍‍‍ශේෂ සහන පැකේජයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවත්, ජනාධිපතිවරයා එය අද දහවල් මැතිසබයේදී ප්‍රකාශ කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ බලපෑමට ලක් වූ කණ්ඩායම්වලට සහනයක් දෙන්නේ දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.