
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත අඹකදවිල ඉරණවිල ප්‍රදේශයේ සුපිරි හෝටලයක් කුලියට ගෙන එහි නැවති අන්තර් ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකළ බව කියන චින ජාතිකයින් ඇතුළු 150 ක පිරිසක් යුද හමුදා බුද්ධි තොරතුරක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අපරාධ සම්බන්ධ ඒකකයේ නිළධාරීන් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ චින ජාතික කාන්තාවන් 7 දෙනෙකු සමග පිරිමි 126 දෙනෙක්,වියට්නාම් ජාතික කාන්තාවන් 3 ක් සමග පිරිමි 10 ක්,මැලේසියානු ජාතිකයින් 1ක් සමග 150 ක විදෙස් ජාතිකයින් පිරිසක් බව කියයි.
මෙම චින ජාතිකයින් ඇතුළු විදේස් ජාතිකයින් පිරිස හලාවත අඹකදවිල ඉරණවිල ප්‍රදේශයේ වෙරළ තිරය ආසන්නයේ සුපිරි හෝටලයක නැවති කුමන හෝ කටයුත්තක කටයුතු කරන බවට ලැබුන තොරතුරු මත යුධ හමුදා බුද්ධී නිළධාරීන්ට ලැබුන තොරතුරු මත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිඝනක අපරාධ සම්බන්ධ ඒකකයේ නිළධාරීන් මෙලෙස වැටලීම සිදුකර තිබුණි.
සැකකරුවන් රිමාන්ඩ් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලේ වීසා නිකුත් කිරීම නතර කළොත්, මේ චීන වසංගතය තරමක් අඩුකරගන්න පුළුවන් වෙයි.